Wednesday, April 5, 2017

තොරතුරු කාලීන සිදුවීම් රසවින්දන සමගින් විචාර රැගත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " කසීර "

අප්‍රේල් 04 : සාහසික වෙඩි පහරකින් මාටින් ලූතර් කිං ජීවිතක්ෂයට පත් වේ. 

 

 

1968 වසරේ අද වැනි දවසක සාහසික වෙඩි පහරකින් මාටින් ලූතර් කිං ජීවිතක්ෂයට පත් විය. 

"මට සිහිනයක් තිබේ - මගේ දරුවන් හතර දෙනා ඔවුන්ගේ සමේ පැහැයෙන් නොව , චරිතයේ හරයෙන් මනින්නා වූ දේශයක ජීවත් වන ආකාරය මම එ සිහිනයෙන් දකිමි. මට සිහිනයක්‌ තිබේ - යම් දවසක ජෝර්ජියාවේ රතු කඳු මුදුනෙහි අතීත වහලුන්ගේ දරුවන් සහ අතීත වහල් හිමියන්ගේ දරුවන් එක මේසයක්‌ වටා සහෝදරත්වයෙන් එක්‌ රොක්‌ වී ප්‍රීතියෙන් සිටිනු දැකීම මගේ එ සිහිනයයි." 1963 අගෝස්තු 28 වැනි දා වොෂිංටන් නුවර ලින්කන් අනුස්මරණ ශාලාව ඉදිරිපස දී මාර්ටින් ලූතර් කිං හෙවත් කළු සුදු භේදයෙන් පීඩාවට පත් වී සිටි තිස් හතර හැවිරිදි කළු ඇමරිකානුවා එලෙස තම සාමකාමී ආවේගය වදන් වලට මුසු කළේය. දෙලක්ෂ පනස් දහසකට අධික ඇමරිකානුවන් සංඛ්‍යාවක් සහභාගී වූ , මිනිත්තු දහ හතක් පුරා දිව ගිය ඒ මනනන්දනීය දේශනය යම් තාක් දුරකට ඵල දරමින් ඊ ළඟ වසරේදී සිවිල් අයිතිවාසිකම් පනත සම්මත විය.
..........................................................
 
පිවිසුම
 

Wednesday, March 15, 2017

කාලීන තොරතුරු විවිධාංග විචාර සමගින් අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " බව "

විප්ලවවාදී කලාව සහ විප්ලවවාදී දේශපාලනය

Malevich

බොහෝ දෙනෙක් පෙන්වා දී ඇති ආකාරයට – උදා: ස්ලැවෝයි ජිජැක්, ජොන්-ලක් නොන්සි – පෙරටුගාමී කලාව සහ පෙරටුගාමී දේශපාලනය අතර තිබෙන්නේ කිසියම් ආකාරයක ආතතිගත සම්බන්ධයකි. බැලූ බැල්මට, ස්වභාවික තත්වයන් යටතේදී, ‘හරිනම්’, වියයුතු දෙය මෙය නොවනා බව පැහැදිළි වෙයි. අපට සිතෙන්නේ රැඩිකල් කලාව සහ රැඩිකල් දේශපාලනය යනු එකම ක්‍රියාවලියක නිමේෂයන් දෙකක් කියාය. අවසන් අරුතින් ගත්විට මේ දෙකෙන්ම සිදු කරන්නේ වියහැකි දෙය සහ වියනොහැකි දෙය අතර ඇති බෙදුම් රේඛාව වෙනස් කිරීම කියා පැවසිය හැකි වේ. ෆ්‍රෙඩ්රික් ජේම්සන් ගේ ජනප්‍රිය නිදර්ශනය ඇසුරින් අපි මෙම අදහස පැහැදිළි කර ගනිමු.
මෙයට දශක කීපයකට පෙර අපගේ සාමූහික අනාගතය පිළිබඳව සංවාදය කේන්ද්‍රගත වූයේ සමාජවාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිකවාදය ආදී දේ අතරින් වඩා සුදුසු වන්නේ කුමක්ද යන්න පිළිබඳවයි. ඉතා රැඩිකල් ලෙස අප ජීවත් වන සමාජය වෙනස් වියහැකි බව කිසිවෙකු ප්‍රතික්ෂේප කළේ නැත. ඒ අනුව, එම සමාජ පරිවර්තනය අයත් වූයේ ‘වියහැකි දෙයෙහි’ කලාපයටයි. නමුත් අද වන විට, සමාජයේ සාතිශය බහුතරයක් දෙනා, මේ ආකාරයට සමාජයේ රැඩිකල් පරිවර්තනයන් අපේක්ෂා කරන්නේ නැත. අපගේ නිහඬ එකඟතාවයට අනුව වෙළඳපොල මගින් පාලනය වන ආර්ථිකය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු අපට පරිකල්පනය කළ හැකි එකම සාමූහික අනාගතයයි. එහි වෙනසක් වනවානම් එසේ විය හැක්කේ ලෝක විනාශයෙන් පමණි. වෙනත් ආකාරයකට කියන්නේනම්, අපට අද සමාජ ක්‍රමයේ රැඩිකල් පරිවර්තනයක් වෙනුවට ලෝක විනාශය පරිකල්පනය කරගැනීම වඩාත් පහසු වෙයි. එම තේමාව රැගත් චිත්‍රපටි, දෛවඥයන්ගේ පුරෝකථන ආදිය මගින් නියෝජනය කරන්නේ මෙම සමාජ පරිකල්පනයයි. අද දවසේ බටහිර ලෝකයේ දේශපාලඥයන් සම්ප්‍රදායවාදී වන්නේද එසේත් නැතිනම් ප්‍රගතශීලී වන්නේද යන්න මැන ගැනීම සඳහා තිබෙනා මූලික නිර්ණායකයක් වන්නේ ඔවුන් පරිසර අර්බුධය පිළිගන්නා අයද, එය ප්‍රතික්ෂේප කරනා අයද යන්නයි. සමාජයේ රැඩිකල් පරිවර්තනයකට වඩා ලෝක විනාශය පරිකල්පනය කිරීම පහසු වනවා යන්නෙහි අර්ථය මෙයයි. ඒ අනුව, ජේම්සන් ගේ නිරීක්ෂණය මෙයයි, අද දවසේ සමාජ පරිවර්තනය යන්න අයත් වන්නේ ‘වියනොහැකි දෙයෙහි’ කලාපයටයි.
........................................................

පිවිසුම
https://bavaweb.wordpress.com/ 

Monday, February 6, 2017

සාහිත්‍යමය රසවින්දනය සමගින් තොරතුරු විචාර ගෙනෙන අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " සර්පයාගේ දියණිය | The Serpents Daughter "

ජීවිතයේ ඛේදනීය මොහොත අත්විඳීම හෙවත් චත්‍රක් (Mushrooms)




- CASTING - Paoli Dam / Sudip Mukherjee / Sumeet Thakur / Tomas Lemarquuis -
- SCREEN PLAY - Vimukthi Jayasundara
- LANGUAGE - Bengali
- IMAGE - Channa Deshapriya
- SOUND - Dana Farzanehpour , Franck Desmoulins , Roman Dymmy
- SET DECORATION - Arup Ghosh
- EDITING - Julie Bezieu
- MUSIC - Roman Dymny 

‘කරදර දුක් ගැහැට නිසා එල්ලවන පීඩනයන් අපේ ජීවිත තලා පෙළා මිරිකා දමයි.අප එහි පත්ලටම කිඳී යන්නෙමු.එයින් අපේ ජීවිත මහ පොළවට සවි කෙරෙයි.එසේ වුවද සෑම යුගයකම බිහි වූ ප්‍රේම කාව්‍යයන්හි හි පිරිමියකුගේ සිරුරින් තැලී පෙලී පොඩිවී යන්නට ගැහැණිය ඉමහත් ආශාවෙන් බලා සිටින්නීය. කරදර දුක් කම් කටොළු වඩාත් දැඩි බවට පත් වෙත්ම අපේ ජීවිත සොබා දහමට සමීප වේ.වඩාත් යථාර්ථයට ළඟා වේ.වඩාත් සත්‍යයට ළඟාවේ.’
- මිලාන් කුන්දේරා ( Unbearable litheness of Bing )

නූතන දේශපාලන සහ සමාජ යාන්ත්රණය විසින් නිෂ්පාදනය කරන ලද අතිශය කඨෝර වූ දේහ ලක්ෂන සහිත සංස්කෘතික ශරීරයක් තුළ මනුෂ්‍යයාගේ ආත්මය තවදුරටත් පරිපූර්ණව නොවැඩේ.අසංතෘප්තික පරිණාමයකින් ජීවිතය හසුරුවන්නට සිදුවන වගකීම් විරහිත සමාජීය ක්‍රියාවලියක දී දී මනුෂ්‍යයා විසින් පරිපූර්ණත්වය පිළිබද විශ්වාසයතුළ තවදුරටත් එල්බ නොගනී. පැවැත්ම සහ ශුන්‍යත්වය අතර අන්තර් ක්‍රියාවලියක ජීවිතය සංක්‍රමණය වන විට මනුෂ්‍යයා විසින් ස්වකීය ජීවිතයේ පූර්ව සැලසුම් වලින් පරිපූර්ණවම අත් මිදෙයි.එතැන් සිට ඔහු විශ්වාසය තබන්නේ තමා එළැඹි ‘ මොහොත’ (Moments) කෙරෙහි පමණකි. ක්ෂණය (ඇසිල්ල) පිළිබඳ විශ්වාසය යනු ජීවිතය පවත්වාගැනීමේ අතිශය දළ උපකරණ කට්ටලයක් බව සැබෑවකි. නමුත් ජීවිතය යනු අනපේක්ෂිත අභාග්‍යක් බවට පත් වූ දෘඨ සමාජ ව්‍යුහයක් තුළ සාමාන්‍ය මනුෂ්යා‍යගේ ජීවිතය යනු බිහිසුණු වනන්තරයක් තුළ ශුන්‍යත්වය සොයා ඇදෙන ඉන්ද්‍රජාලික චාරිකාවකි.එය මුළුමණින්ම පිරී තිබෙන්නේ අපැහැදිලි ගමනාන්තයක් පිළිබඳ නපුරු සිහින සහ අස්ථාවර හැඟීම්වලිනි. විමුක්ති ජයසුන්දරගේ ‘චත්‍රක්’ (Mushrooms) සිනමාපටය සදාතනික පුනරාගමනය පිළිබද නීට්ෂේ ස්වකීය මිතුරන් හා ගැටුණු සමාජ සහ මනෝවිද්යාත්මක තර්කයන් සිනමාත්මකව ස්පර්ශ කිරීමකි. වරක් සිදු වුණු යමක් මිහිපිට යළි ඒ ආකාරවම සිදුවෙතැයි සිතිය නොහැකිය. එබන්දක් යළි ඒ ආකාරවම සිදු වුවත් එය පූර්ව සිදු වීම බවට පත් වන්නේද නැත. ඒ අර්ථ කතන සහ විඝුහයන් මොහොත පිළිබඳ සංකල්පය සමග තවදුරටත් බැඳී තිබෙන නිසාය. පස්වන ලෝක යුද්ධය අද දවසේ ඒ ආකාරම සිදු වෙතැයි සිතන්න. නමුත් එය තවදුරටත් පස් වන ලෝක යුද්ධයම වන්නේ නැත.
එබැවින් වඩාත් වැදගත් වන්නේ ජීවන පුනරුක්ති පිළිබද සිහින බැහැර කොට දමා ජීවිතය පිළිබද වඩාත් අස්ථාවර අවස්ථාවලදී ස්ථිර ගිවිසුම්වලට නොඑළඹී එළැඹ ඇති වඩාත් ඛේදනීය ‘මොහොත’ පිළිබද තදබල විශ්වාසයකින් පසු වීමයි.
.....................................................

පිවිසුම
http://sarpayasdaughter.blogspot.com/