Monday, July 11, 2016

කාලීන සිදුවීම තොරතුරු විවිධාංග සමග විචාර රැගත් අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " VIEW OF ASH "

ලංකාවේ තරම් විභාග තියෙන රටක් තවත් නැති තරම්. අපි ඒ තරම් විභාග වලට ආසයි කියන්නත් පුළුවන් එක අතකට ඒක වැරදිත් නෑ විභාගයක් කියන්නේ අභියෝගයක් ඒ අභියෝගයට මුහුණ දෙන විදිය අනුව මම මුදුනා කියලා පෙන්නන්න පුළුවන් අවස්ථාවක් සැලසෙනවා ජිවිතේ හැම වෙලවෙම මුදුනා වෙන්න හදන අපේ අයට එක අතකට ඒකත් පෙරළුන පිට හොදයි කියනවා වගේ හොදය. 

ඒත් ඒක ඇත්තටම එහෙමමද ? 5 ශිෂ්‍යත්වේ ලියන ළමයෙකුට ඒ විභාගය වදයක් වන අවස්ථා එමටයි. යංතං හරි පාස් උනොත් කණක් ඇහිලා ඉන්න පුළුවන් හැබැයි වැරදිලා හරි ෆේල් උනොත් මුළු ජීවිතේම ඉවරයි මූට පන යන්නේ බැණුම් අහලම එපාවෙලා. 

වාර විභාග අත හරිමුකෝ. 

එතකොට ඔලෙවල් කියලා වැඩක් නෑ ඩී අටක් නැත්නම් ඒ 10 ක් නැත්නං ගංවතුරට අහු උන ආනාථයෙක් වගේ තමයි වැරදිලා හරි එස් එකක් ආවොත් 1 වසරේ ඉදන් ආපු ඉස්කොලෙත් නෑ. ඊලග ගේම ඒලෙවල් කරුමේ තමයි කොහොම හරි ඒලෙවල් කලාම හිතන්නේ ආයි විභාග නෑ කියලා. ඒත් කැම්පස් එකට ගියාම තමයි ඒලෙවල් මොනද ඒලෙවල් තව හොදයි කියලා. එහෙම ඉන්දිනම් හැමෝම හිතන්නේ රස්සාවකට ගියොත් මේ කරුම විභාග කෙරුවාව ඉවරයි කියලා. ඒත් අවු 4/5 ඉදලා රස්සාවකට ගියාම ඉස්සල්ලම කියන්නේ දෙමළ නැත්නම් වැටුප් වර්ධක නැ කියලා, ඊලගට කාර්යක්ෂමතා කඩයිම් විභාග ඒවා ලියලා පඩි හදාගත්තේ නැත්නම් කාලා බීලත් හමාරයි ඉගෙන ගත්ත සෙක්ෂන් එකෙන් ජොබක් සෙට් උනේ නැතිනම් ජොබට ඕනි කරන දැණුම ගන්න ගියාම තවත් විභාග මෙහෙම විභාග වලට ජීවිතය සින්න වෙද්දි තාමත් විභාග නැත්තේ වැඩ දෙකකට විතරයි කසාදෙටයි පැන්ෂන් යන එකටයි. හැබැයි කරුමට ඒවටත් විභාග එයිද කියලා හිතෙන වාර අනන්තයි. 

මේ විභාග ක්‍රමයට පිලියමක් ලෙස වෙනත් විසදුමක් හොයාගන්න බැරිනම් මේ විභාග කරන විදියවත් අඩුම ගානේ වෙනස් වෙන්න ඕනි. නැත්තං අනිත් උන්ට කෙසේ වෙතත් පැන්ෂන් යනකොට මටනං පිස්සු හැදෙයි ආයි දෙකක් නැ හොදටම ෂුවර්.
................................................

පිවිසුම
http://ashnihon.blogspot.com/ 

Sunday, July 10, 2016

තොරතුරු විවිධාංග සාහිත්‍යමය රසවින්දන සමගින් අළුත් විවිධාංග බ්ලොග් එකක් " සීමා මායිම් ඉක්මවා "

ඔබේ කරුණාවට ස්තූතියි


දහම සොයා..-අංක:-1
.................................
ඔබේ කරුණාවට ස්තූතියි ...
මා සංවේදනා සුසුම් අතරින් කාලයක් පුරාවට මහා ගිනි ජාලාවක් මැද තනිව කාලයක් ගෙවී ගිය බව මා පමනක්ම දනිමි...ඒ කුමන් නිසාදැයි මට නොතේරුම්කමක් නැත්තේම නැත.කෙතරම් එය පැවසූවත් හිතේ ගින්දර තව තවත් ඇවිලෙනවා මිසක්ක එය සිහිල් නෙවෙන නිසා මා මේ අවස්තාවේ එය මතක් නොකරමි.ලෝකයේ බොහෝ දේ සිදු වන්නේ අප නොසිතන දේවල්ය."අචින්ති තම්පි බවති චින්ති තම්පි විනස්සති"බුදුන් දෙසූ ඒ වදනට අනුවනම් සත්තකින්ම මා ජීවිතය අවබෝධ කරගන්නේ බුදු දහමට අනුවය.ලෝකය යම් තරමින් මා අල්වාගෙන එහි යම් යම් තැන් අවබෝධයකින් පසුවෙමි.සිත නිවන සැනසිල්ල පතා එකම එකම වතාවක් මා  බුදු දහම සොයා සංසාරයේ කී වතාවක්නම් ඇවිද ගොස් අත්ද?කියා මා නොදනිමි.නමුදු මේ ආත්ම භාවයේදී මම එය අවබෝධ කරගන්නට වෙහෙස වෙමි.යම් යම් උත්සහ දරමින් ලෝකයෙ පවතින් එකම දෙය එසේත් නැතිනම් පඨවි ,අපෝ, තේජෝ,වායෝ,නම් මහා භූතයන්ගේ එකතුව මා සොයමි.  තද ගතිය අලෙන සුළු බව මා දැන් මද පමනින් අවබෝධ කර ඇත්තෙමි.නමුත් මා සසරේ අතිර බව බොහෝ ලෙසින් දැනගෙන සිටිමි නමුත් අවබෝධ කර ගැනීමට යම් මැලි බවක් දක්වමි .එයට හේතුව වනු ඇත්තේ නිතැතින්ම මාගේ කෙළෙස් මාරයා නිසා වනු ඇතියි මට සිතේ .සසර ගමනේදී මට එය යම් තැනකදී එයද අවබෝධ කර ගැනීමට අපහසුතාවයක් නොවේ යැයි මා සිතමි.පෙර හුරුව ඇති බැවින් යම් තැනකදී එය මට අවබෝධ  වෙවි.ඉතින් සමිඳ මා වෙත කරුණා කලා ඔබ වහන්සේට කෘතවේදීත්වය පුද කරමි.
......
සිරිවිමල හිමි..
..............................................

පිවිසුම 
 

Friday, July 8, 2016

තොරතුරු විවිධාංග හා විචාර රැගත් අළුත්ම ශාස්ත්‍රීය බ්ලොග් පිටුවක් " සිතක සටහන් "

Limits of Love නොහොත් රිචඩ් ද සොයිසා ගැන රජීව විජේසිංහගේ සැමරුම

මීට වසර  නවයකට පමණ පෙර කුරුණෑගල ප්‍රකට පොත්හලකදී අහම්බෙන් මගේ නෙත ගැටුනේ රිචඩ් ද සොයිසාගේ මුහුණේ විශාල ඡා‍යාරූපයකින් යුතු කවරයක් සහිත පොතක් - කතුවරයා වූයේ මහාචාර්ය රජීව විජේසිංහ. 

රිචඩ් ද ‍සොයිසා සම්බන්ධයෙන් කරුණු දැනගැනීමේ කුතුහලය නිසාම එම නවකතාව මිලට ගත්තත් එහි පෙරවදනේම රජීව සඳහන් කරන්නේ නවකතා‍වේ ප්‍රධාන චරිතය රිචඩ් ද සොයිසා මත ගොඩනැගුනත් සැබවින්ම තවත් සත්‍ය චරිත කිහිපයක සංකලනයක් බවයි. මට පසුව වැටහුණු පරිදි රිචඩ් වැනිම රජීවගේ හොඳම මිතුරෙක් වූ ලංකාවේ ලිබරල් පක්ෂයේ ආරම්භකයා වූ චානක අමරතුංග ද මෙන්ම රජීව විජේසිංහද මේ චරිතය තුළ සිටිනවා ! 
........................................

පිවිසුම
http://sithsatahan.blogspot.com/