Tuesday, April 7, 2015

විවිධාංග විචාර හා තොරතුරු බ්ලොග් එකක් " සඳුනිමා "

32. අප්‍රේල් මෝඩයා.......... April Fool



කට්ටියටම සුභ උපන්දිනයක් වේවා එහෙනම්.විශේෂයෙන්ම අද කාන්තා පාර්ශ්වයට වැදගත් දිනයක්ලු නේද? මමත් හරියටම දන්නේ නැහැ, හත වසරේ කෙල්ලෙක් තමයි මටත් කිව්වෙ.



උපුටාගැනීම - චූටි මල්ලි සහ පොඩි මල්ලි ෆේස්බුක් පිටුව



ඉතින් දවසේ වැදගත්කම ගැනත් හිතලා බලලා කාලෙකට කලින් අන්තිම පේලියට ලියුව එකක් ආයෙම උස්සන් ආවා.කලින්ම කියනවා උපුටාගත්තේ ඊයකින්. කියවන උන් කියවපල්ලා. බණින උන් බැනපල්ලා. අත කසනවටයි, ආසාවටයි ලියන්නේ.අනිත් කාරණේ හැම වෙලේම හැමෝවම සතුටු කරන්නත් බෑ, ඇත්ත සිද්ධිම හැම වෙලේම ලියන්න කියලා නීතියකුත් නෑනේ.
.................................................................
පිවිසුම

Monday, April 6, 2015

නව විස්තර විවිධාංග රසවින්දන බ්ලොග් එකක් " සිතූගේ සිතුවිලි "

තිමිර 09

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
තිමිර 03
තිමිර 04
තිමිර 05
තිමිර 06
තිමිර 07
තිමිර 08

"සඳා? කවුද අම්මෙ සඳා කියන්නේ? මේ ඉන්නේ රන්දි නේ?"  ශශික එහෙම කිව්වෙ අම්මා දිහා බලාගෙන. මමත් බලන් හිටියේ මේ මොනවත් තේරුම් ගන්න බැරුව. 

""හරි පුතේ... ඒ දවස්වල මගෙ හොඳම යාළුවා තමයි සඳා කියන්නේ.. මේ දුව ආයෙත් ඇරපු අතක් නෑ සඳා වගේමයි.. ඒකයි මම එකපාරටම රැවටුණේ..." ශශිකගේ අම්මා එහෙම කිව්වේ අපිට කෝපි අල්ලන ගමන්. 

"ඉතින් ආන්ටි දැන් එයා නැද්ද? එයාට මොකද වුණේ?" මම එහෙම ඇහුවෙ තවත් විස්තර දැන ගන්න අරමුණෙන්. 

"ඒක දිග කතාවක් දුව..." ශශිකගේ අම්මා එහෙම් කිව්වේ දිග සුසුමක් හෙළන ගමන්. 

"ආන්ටිට කරදරයක් නැත්තම් අපි කැමතියි ඒ කතාව අහන්න.." මම එහෙම කිව්වෙ සඳා ගැන තවත් තොරතුරු දැනගන්න ඕනෙ වුණ නිසයි. 

"දුවලා අහලා තියෙනවද ගල්කන්ද වලව්වෙ කතන්දරේ?" ආන්ටි එහෙම ඇහුවම මොකද්ද දෙන උත්තරේ කියලා මට හිතාගන්න බැරි වුණා. 

"කඩේ මුදලාලිනම් එහෙම කතාවක් කිව්වා ආන්ටි.. ඒත් හරියටම කතාව දන්නේ නැහැ." වාසල මල්ලි යන්තම් මැද්දට පැනලා මම පත්වුණ අපහසුතාවයෙන් ගලවගත්තා. 

"ගල්කන්ද වලව්වෙ සඳා මැණිකේ තමයි ඒ දවස්වල මගේ හොඳම යාළුවා. අපි පොඩි කාලේ ඉඳන්ම හැදුනේ වැඩුනේ එකට. ඉස්කෝලේ ගියේ එකට. සඳා නම් දවසෙන් වැඩි හරියක් හිටියේ අපේ ගෙදර." 

"සඳාගේ තාත්තා එයා පොඩි කාලෙදිම නැති වුණා. ඊට පස්සෙ සඳාලගෙ අම්මා තමයි එයාලව බලාගත්තේ. මේ ගමේ ඉඩ කඩම්, වතුපිටි වුණත් වැඩි හරියක් ගල්කන්ද වලව්වට  අයිතියි. ඉතින් එයලට අඟහිඟයක් නම් තිබ්බෙ නැහැ." 

"සඳාට හිටියේ අයියලා දෙන්නෙක්. ඒ අයියලා දෙන්නා නම් පුදුම තරම් නපුරුයි. හැම වෙලේම හිතුවේ ඉඩකඩම්, නම්බුව ගැන. එයාලා ළඟ වැඩ කරපු මිනිස්සුන්ටත් හරිම නපුරු විදියට සැලකුවේ. ගමේ මිනිස්සුන්ට  ඒ දෙන්නා ගැන නම් තිබ්බෙ හොඳ ආකල්පයක් නෙවෙයි." 

.................................................................

පිවිසුම
http://sithuwili-sithu.blogspot.com/

Sunday, April 5, 2015

අළුත් විස්තර හා විශේෂාංග බ්ලොග් පිටුවක් " cheenage watha "

බට කැපූ වග


චීනා චීනෙක් වුනෙත් ජීවිතේ ගොඩ දාගත්තෙත් චීනගෙ ඉස්කොලෙ හින්දාය(හැමදාමත් ලඟින් ඉන්න අපත කබ්බො ටික හෙවත් එක කුස උපන් යාළුවො ටිකත් එහෙන්ම තමයි.) ඕං ඉතින් ඒ කාලෙ එක අවුරුද්දක ඉස්පොර්ට් මීට් එකට නිවාස හෙවත් හවුස් හෙවත් හට් හදන්න අපේ ලොකු සෑර් අනුමැතිය දුන්නෝය. (( අපේ ඉතා යහපත් කල්ක්‍රියාව හේතු කොටගෙන පෙර වසර කීපයක් නිවාස හදන්ඩ එපා කියලා මුලු ගුරු මණ්ඩලේම   හරිම ආදරෙන් කියාහිටියේ ඒවා හදන ගමන් අහල පහල වතු සුද්ද කිරීම, ගල් බෝතල් වල ගල් ඉවත් කිරීම, හෝලික්‍රොස් හා රත්නාවලී පාසල්වල තාප්ප වර්ණගැන්වීම වැනි අටෝරාශියක් අමතර වැඩ කිරීමට අපි නිරපරාදේ මහන්සිවෙන එකට  දුකෙනි.)) 

අපේ නිවාසයේ භාණඩාගාරික තැන්පත් අජ්ජයියා (තැන්පත් කීවාට හැම අමන වැඩකම සිරා පාර්ට් එක ගොඩදාන්නෙ අජ්ජයියාය) ඉතා නොමසුරු පුද්ගලයෙකු වූ බැවින් හවුස් ෆන්ඩ් එකෙන් අපට ගල්ද මල්ද කොත්තුද අවශ්‍ය අනෙක් කළමනාද  ගැනීමට  ප්‍රතිපාදන ලබාදී තිබිණි.අපේ සෙට් එක ඉතිං අවශ්‍ය අඩුම කුඩුම ටිකත් අරගෙන ගිහින්  හවස  4ට විතර වැඩ පටන් ගත්තෝය. අපේ සිරා ක්‍රියේටිව් අයිඩියා අනෙක් හවුස් වල උන් කොපි කරන්නට ඉඩ ඇති බැවින් අපි මුලින්ම පොල් අතු පොලිතින් ආදියෙන් අපේ කොටහ වටකර ගතිමු.((නැතුව සර්ල මැඩම්ලට එහෙම අහිංසක අපි අහිංසක ආකාරෙට ගල් , මල් ආදියෙන් මහන්සිවී වැඩ කරනවා පේනවට නෙවීය.))
කොමිටල් ගොඩක් මැද අපි රෑ 11 විතර වෙනකල් වැඩේ සිරාවටම කරගෙන ගියා. ඕං හදිසියෙම ජායිංගේ ඇවිත් " කෝ බං පෙමයි කොටයි?" කියල අහපි.
  " මම උන් දෙන්න යැව්ව බට  ටිකක් කපාගෙන එන්ඩ. මේක සරසන්ඩ  .ඇයි අවුලක් ද ?" අදිකාරි අයියා කීවා.

 "මල  .......යි. ( කියවන ලමයි නරක්වීමට ඉඩ ඇති බැවින් අදාල වචනය කපා හරින ලදී.)" ඒකල දෙන්න නප්පියටම ගුලි කාල හිටියෙ. අපේ කාමරෙ දාගෙන මම හිටියෙ වැඩේ චොර වෙන හින්දා. මට බොඟක් සෙට් වුනා ඒ ටිකට මුං පැනල". 

"එහෙමට අවුලක් පෙනුනෙ නෑ බං. උන් ඔය ෂේප් එකෙ එයි".


12:30 වුනා තාමත් මුං දෙන්න නෑ . අපි පොඩි සර්ච් පාරක් දාන්න යන්න හදන කොටම ඕං ඩබල එනවා කරට අත දාගෙන හිනාවෙවී. එකෙක් පත මන්න පිහියකුයි අනෙකා ලොකු ෂොපිං මල්ලකුයි අරගෙන නාල වගෙ තෙමිල. අදි අයිය දැක්ක විතරයි  කොටා කපුවෙක් වගෙ ආවේශ වුනා.................................................
පිවිසෙන්න