ක්‍රිකට් තව දුරටත් රට ජාතිය දේශප්‍රේමය නියෝජනය කරන ක්‍රීඩාවක් නොවේ.
ක්‍රිකට් යනු සුදු ජාතිකයන් අව්වේ තැපීම සඳහා සාදාගත් ක්‍රීඩාවකි. පන්දු
යවන්නාත්, පන්දුවට පහර දෙන්නාත් හැරුණු විට අනෙක් පිරිස පන්දුව පැමිණෙන
තුරු කටවක්කර ගෙන ඔහේ බලා සිටිති. ක්‍රිකට් ක්‍රීඩාව අපට ආකර්ෂණීය වුවද,
ක්‍රීඩාවක් ලෙස ඉතා සෙමින් සිදුවන කම්මැළි ක්‍රීඩාවකි. පන්දු ඕවර පණහක් උදේ
සිට සවස් වන තුරු ක්‍රීඩා කරන අතර, ටෙස්ට් තරගයක් දින පහක් ක්‍රීඩා කරයි.
දින පහක් ක්‍රීඩා කළද, බොහෝ තරග ජය පැරදුමකින් තොරව නිමවෙයි. දවස් පහක්
සෙල්ලම් කළද, ජයග්‍රහණයක් ලැබිය නොහැකි තරගයක් වෙතොත් ඒ ක්‍රිකට්ය. සුද්දාට
අප යටත්ව නොසිටියා නම් අපට ක්‍රිකට් නැත. සුද්දා ජීවත් වන සීතල රටවල අවුවේ
තැපීමට හදාගත් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් හැඳින්විය හැක. අංශක අනූවට
ඉරමුදුන් වන අපේ රටේද, කට්ට අව්වේ වේලෙමින් ක්‍රීඩා කිරීම අපට ඉමහත්
ජොලියකි. එහි ඇති අවුලක් අපට නොපෙනෙයි.
ක්‍රිකට් තව දුරටත් රට ජාතිය
දේශප්‍රේමය නියෝජනය කරන ක්‍රීඩාවක් නොවේ. අපේ කොල්ලෝ, අපේ අය සිංහ පැටව්
යනු නරඹන්නන් චූන් වීම පිණිස හදාගත් සංකල්පය. ඔය කිසිම ක්‍රීඩකයෙකු රට
වෙනුවෙන් සෙල්ලම් කරන්නේ නැත. ක්‍රිකට් දැන් දේශීයත්වයෙන් ගෝලීය තත්ත්වයට
පැන ඇත. ක්‍රීඩකයෝ මුදලට වෙන්දේසි වෙති. විශ්‍රාම ගිය පසු වෙනත් රටවල
පුහුණුකරුවන් වී, එම ක්‍රීඩකයන් තමන්ගේ රටට විරුද්ධව ජයග්‍රහණය කරා
මෙහෙයවයි. මුදල් වෙනුවෙන් තම රටේ ක්‍රීඩකයන්ව පරාජය සඳහා මෙහෙයවන තැන රට
වෙනුවෙන් ක්‍රීඩා කළා යැයි පැවසීම විහිළුවක් බවට පත්වෙයි. රට වෙනුවෙන්
බයිලය දැන් නැවැත්විය යුතුය. රට වෙනුවෙන් සිංහ පැටව් වැනි බයිලා අවශ්‍ය
වන්නේ ක්‍රීඩකයන්ට නොවේ.
...............................................................
පිවිසුම
http://mamatharunaya.blogspot.com/
No comments:
Post a Comment