මගේ කැප් තොප්පිය “ලු”
මකරට මේ සීන් එක වෙන්නේ 2009 වසරේදිලු. මකරාට වයස අවුරුදු 6ක්ලු. හිටියේ 1 වසරෙලු. ඒ කාලේ මකරා හෙන ඇච්චාලු.
අඩි දෙකක්වත් උස නැතිලු. 2009 මාර්තු මාසෙත් ආවලු. ඔය කාලේ ඉතිම් අර සටනයි, මේ සටනයි
ගාල්ලේ තිබුනලු.
ඒ කාලේ ගාල්ලේ සටන් දෙක තුනක්ම තිබුනලු. නමුත් අද වෙන කොට
යහතින් තියෙන්නේ එක සටනක් ලු. ඒ සටන ගැන මකරා පස්සෙ කියනවලු.
ඉතිම් මකරා සටන, සටන යැයි
කීවත් සමහරුන්ට නිච්චියක් නැති වෙන්නට පුලුවනිලු. මකරා සටන සටන
යැයි කියන්නේ ලොකු තරගවලටලු.
ඒ කිව්වේ බිග්
මැච් වලටලු. ගාල්ලේ දැන්
ඉතිරිව ඇත්තේ එක සටනක් පමණයිලු. ඉතිරි ඒවා
අවසන් වූයේ ගහ මරා ගැනීමෙන් පසුවලු.
ඉතිම් ඔය සීසන් එකට ඉස්කෝලෙ නම දාලා කැප්
තොප්පි, T ෂර්ට් එහෙම
මහනවලු. ඉතිම් මකරාත් 1 වසරෙ ඇච්චාත්
අම්මාට කියා තොප්පියක් ගත්තලු.
.................................................
තැන්කූ වේවා !
ReplyDelete