පාට කරගෙන තොල් රතු
දසඅත නයන කැල්මන් බෙදමින්
තතන තතනා පූස්
ගමනින්
නතු කර ගනිමින් සලෙලු සිත්
පද්ද පද්දා ලැම
ගස්ස ගස්සා ඉඟ
මා අසලින් ලතා පාමින් ඇදුන
මන
බඳනා රුසිරු ලියේ
මූණට මුලිච්චි වූ නිසා
නිකන් තියෙන
හිනාවෙන් ඩිංගක් දුන්නමත්
උඬගු මානෙත් හිස තියාගෙන
ගස්සා ගිය නුඹ
කොමළ ලඳුනක වුවද උනුනට
කැතම කැත වැඳිරියක් දැන් මට
......................................
පිවිසුම
No comments:
Post a Comment