ඉස්කෝලෙ දවසක්
උදේ පළවෙනි කාලච්ඡේදයේ සහ දවසේ අවසන්
කාලච්චේදයේ දී අත් දෙකත් පස්සට කරන් බොරුවට අඩිය බර කරන් , පාසලේ පන්ති
කාමර තියන ශාලා අතර එහේ මෙහේ යනේක අපේ ආයතන ප්‍රධානියාවෙච්චි
විදුහල්පතිතුමාගේ පුරුද්දක් .
එහෙම යද්දි අනිවාර්යෙන්ම පන්ති කාමරය
ඇතුලට එඹිලා බලනවා. ඒ විතරක් නෙමේ එඹිලා බලන වෙලාවේ පන්තියෙ කවුරුවත්
නැත්තම් පන්තියට ගොඩ වෙනේකත් එයාගේ පුරුද්දක්....
ඉතින් අද ඒ කාලච්ඡේද දෙකේදිම මම හිටියේ මම
බාර පන්තියේ. උදේ පළවෙනි කාලච්ඡේදය පන්තිය බාර පන්තියට යනව කියන්නේ ඒ
කාලච්ඡේදය පුරාම කෙරෙන්නේ කතා බහ තමයි. පන්ති අතුගාල ද බලල , පහන තියල ද ,
හඳුන්කුරු පත්තු කරල ද, අඩු පාඩු මොනාද හොයල බලල , ඒවා හරියට කරල නැත්තම්
මූණ ට තරහක් අරන් පොඩ්ඩක් බැනලා නම් ටික ලකුණු කරල , ආවේ නැති අය ගැන
තොරතුරු අහලා , පන්තියේ පුංචි පුංචි ආරවුල් සමථයකට පත් කරලා උගන්වන්න පටන්
ගද්දිම කාලච්ඡේදය ඉවරෙන සීනුව නාද වෙනවා....
අද සුපුරුදු වැඩ ටිකට අමතරව තීන්ත ගාපු
නිසා බිත්තියේ අලවන්න පරක්කු වෙච්චි කාල සටහන් , පිරිසිදු කිරීම් , දින
දසුන සහ මගේ ගානේ පන්තියට දෙන ආවර්තිතා වගුව වගේ දේවල් බිත්තියේ හයි කරා.
................................................
පිවිසුම
No comments:
Post a Comment