මරණය + මරණය = මරණ දඬුවම
නිශ්චිත අධිකරණ පටිපාටියක් හරහා පමණක් පමුණුවන මරණ දඬුවම සහිත සම්මත අපාරාධ නීති පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ඇතිවෙන්නේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ. ඒ යුගයේදී මුනෂ්‍ය ඝාතනය සහ රජුට එරහෙිව යුධවැදීම යන වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මකවුනා. 1802 දී එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ෆෙඩ්‍රික් නොර්ත් විසින් මරණ දඬුවම සඳහා කෘෘර ක්‍රම යොදා ගැනීම තහනම් කර ඒ වෙනුවට එල්ලා මැරීමේ ක්‍රමය නීතිගත කරා. මේ නව නීතිය යටතේ ප්‍රථම වතාවට පුද්ගලයෙකුට මරණ දඬුවම පැමිනවූයේ රජුට එරෙහිව කැරලි ගැසීමේ වරදට 1802 වර්ෂයේ පෙබරවාරි මාසයේ බව බන්ධනාගාර ඉතිහාසයේ සඳහන්.
වර්තමානය වනවිට ලංකාවේ මරණ දඬුවම නීතිගත තත්ත්වයේ පැවතුනාවුනත් එය අහෝසි කර දැමූ යුගයකුත් ඇත්තනේම රට තුළ තිබුනා. ඒ 1956 වර්ෂයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් S.W.R.D. බණ්ඩාරණායක මහතා මරණ දඬුවම නීතියෙන් අහෝසිකර දැමීමෙන් පසු ගතවූ කෙටි කාලය. නමුත් එයින් වසර 03 කට පසු 1959 දී, බණ්ඩාරණායක මහතා ඝාතනයවීමෙන් අනතුරුව නැවතත් රට තුළ මරණ දඬුවම ක්‍රියාත්මකවීම ආරම්භ වෙනවා. කෙසේ වෙතත් 1976 ජූනි 23 වනදායින් පසුව ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවමක් ප්‍රායෝගිකව ක්‍රියාත්මකවීමක් සිදුව නැහැ.

වර්තමාන ශ්‍රී ලංකාව මරණ දඬුවම නීතිගත රටක්. දණ්ඩ නීති සංග්‍රහයේ III වැනි පරිච්ජේදයේ 52 වගන්තියට අනුව රට තුළ භාවිතා වන දඬුවම් වර්ග වශයෙන් මරණය, බරපතල සිර දඬුවම, සිර දඬුවම, කසපහර, දේපළ අහිමිකිරීම සහ දඩය යන දඬුවම් වර්ග සඳහන් වෙනවා. වයස අවුරුදු 18 ට අඩුයැයි අධිකරණය විශ්වාස කරන කිසිම පුද්ගලයෙකුට මරණ දඬුවම නොපැනවිය යුතු බව දණ්ඩ නීති සංග්‍රහයේම 53 වන වගන්තියේ සඳහන්. වගන්ති අංක 54 න් සඳහන් කර තිබෙනවා ගර්භනී අවස්ථාවේ සිටින කාන්තාවකට මරණ දන්ඩනය පැනවීම නොකළ යුතු බව.
....................................................
පිවිසුම
No comments:
Post a Comment