රිශාඩ්ට අවවාදයක් !!
විල්පත්තුව අවට වන සංහාරය නවත්තන්න කියලා ජනාධිපතිවරයාගෙන් නියෝගයක් ලැබිලත් රිශාඩ් බදූර්දීන් නවතින පාටක් පේන්න නැහැ. දැන් මිනිහා ලෑස්ති වෙන්නෙ තමුන් මොකුත් ම කරේ නෑ කියලා පෙන්නන්න. ඒ වෙනුවෙන් අපේ ම සල්ලි වලින් මාධ්‍යවේදියො ඇතුළු පිරිසක් එයා සංචාරෙකත් එක්කරගෙන ගිහින් තිබුණා. රිශාඩ් දැන් වටේට ම අභියෝගත් කරනවා පුළුවන් නම් තමුන් වැරදියි කියලා ඔප්පු කරන්න කියලා, ඒත් මඩු රක්ෂිතය එළිකිරීම ගැන වචනයක්වත් කතා නොකරන්නත් මිනිහා පරෙස්සම් වෙනවා.
රිශාඩ් කියන හැටියට අදාල ප්‍රදේශයේ දැනට 'නැවත පදිංචි' කරලා තියෙන්නෙ 30%ක පිරිසක්. එතකොට රිශාඩ් නොකියා කියන්නෙ මේ එළිකරපු කැලෑ ප්‍රමාණය වගෙ දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් ඉදිරියේදී එළිකරන්න නියමිතයි කියන එක. අනික ඒ ඉඩම් බෙදීමෙදිත් කොටසකට අක්කර තුනකුත්, තවත් කොටසකට අක්කර බාගෙකුත් හැටියට හැඳි දෙක්කින් බෙදලා තියෙන වගකුත් පේනවා.
මේ හැමදේම ළඟ එන මැතිවරණෙකුත් එක්ක බැඳිලා තියෙන ඒවා. මිනිස්සුන්ට ඉඩම් ලැබෙන්න ඕනෙ ... ඒත් ඒකට ක්‍රමවේදයක් තියෙන්නෙ ඕනෙ .. ඡ්න්ද බලාගෙන කාටවත් ඕනෙ ඕනෙ හැටියට කැලෑ කපලා මිනිස්සුන්ව ගිහින් අතාරින්න දෙන්න බෑ ..
ඒ වගේම මේ ජනාධිපතිවත් අගමැතිවත් 'මුස්ලිම් ජනතාවට' කරපු දෙයක් නෑ කියලත් රිශාඩ් කියලා තිබුණාය කියලා වාර්තා වුණා. ජනාධිපති හෝ අගමැති වෙනුවෙන් උත්තර දෙන්න අපිට ඕනෙ කමක් නෑ. ඒත් රිශාඩ්ගෙ කතාවෙ හැංගිච්චි අතුරු කතාවකට පොඩි උත්තරයක් දෙන්න ඕනෙ. ..................................................................
පිවිසුම
http://hithuwakkaree.blogspot.com/
No comments:
Post a Comment