Sunday, March 15, 2015

තවත් තොරතුරු විචාර විවිධාංග බ්ලොග් එකක් "අරක මේක"

ජම්බුකාව ට උදෑසනක්. ඊවාට නව බලාපොරොත්තු..!





From Google


ඉදින් ජම්බුකාව ට නව දිනක් උදා වෙයි.

ඉරිමා පාන්දර ස්වකීය පශ්චාත් භාගා උඩ ලා ගෙන සැතපෙන ආදම් ට සහ ඊවාට එලාම් නාදය ඇසෙන්නේ ඉතාම කර්ණ රසායන මන මෝහනීය ඇරයුමක් පරිද්දෙනි. ටයිම් පීස් ඔරලෝසුව මරා ගෙන මැරෙන්නට නැගෙන මෛත්‍රී  සිතිවිලි පෙරදැරිව ඊවා පළමුව හඬ අවදි කරන්නීය.

''....ඇඩම්.. ඇඩම්..''
''..ම්හ්..''
''අවදි වෙන්න..''
''හ්ම්..හ්ම්..''
''අවදි වෙන්නකෝ..''
''..හ්ම්..හ්ම්..''
''...හ්ම්..හ්ම්..''
ඇඩම් අවදි නොවෙයි.හරියට තමාත් ඇහැරෙන්නේ ආදම් ගේ ඇස් වලින් මෙන්  ඊවාත් අවදි නොවන්නීය.
විනාඩි ගනනක් ගෙවෙයි.අවදි වියයුතුය යන සිතිවිල්ල දැන් ආදම් ගේ හෘද සාක්ශිය පෙළයි.

''...ඊවී...''
''..ම්හ්..''
''...අවදි වෙන්න..''
''..හ්ම්..හ්ම්..''
''...අවදි වෙනවා..''
''...හ්ම්..හ්ම්..''
''..හ්ම්..'' ඊවා අවදි නොවන්නීය. එබැවින් ආදම් ද අවදි නොවෙයි.

තවත් විනාඩි ගනනක් ගෙවෙයි.අවදි විය යුතුය යන සිත්විල්ල දැන් දෙදෙනාගේම හෘද සාක්ශි එකසිය ගනනට පෙළයි.
එක්වරම ආදම් ඊ යන්න කියන විටම ඊවාටද ඇ යන්න කියවෙයි.කලින් කතා කර ගත්තාක් මෙන් දෙදෙනාම එකවර ඉද්ද ගැසුවා සේ නැගිටිති.උදෑසන ඇහැරීමට ආදම් ද ඊවාද එකිනෙකා ගෙන් දිරි ලබා ගන්නේ මේ අයුරිනි. උදෑසන කීවාට ඉතින් දැන් වේලාව උදේ පහමාර බව මතක් කළ යුතුය.මක් නිසාද යත් ඇහැ ඇරීමේ නාටකය උදෙසා පැය බාගයක් පමණ ගත වූ නිසායෙනි.
ආදම් ඉතා උද්‍යෝගයකින් යුතුව ට්‍රෙඩ් මිල් එකට ගොඩ වෙයි.ඇන ඔබයි. පදියි.වැටෙන්නට හදයි.නවතියි.තව ඇන ඔබයි.පදියි.ඔහුට හරියටම ඇහැ ඇරෙන්නේ වරක් වැටුනාට පසුවය.


පිවිසුම
http://jaymmp.blogspot.com/ 




No comments:

Post a Comment