Tuesday, October 14, 2014

තවත් ජනප්‍රිය සමාජවාදී බ්ලොග් එකක් " W3 Lanka "

අතුරලියේ රතන හා අංගම්මන සුමන 

 පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය හරහා අතුරලියේ රතන හිමියන් අල්ලන්නට යන අඩව්ව තරමක් සැක සහිත ය. 


අධික වියදමක් දරමින් කොළඹ බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු සම්මන්ත්‍රණයකදී ඔහු පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නො කර ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ නම්, ඔහු පැරදවීමට සියලු දේ කරන බවයි. 
රතන හිමියන්ගේ මූලිකත්වයෙන් සරත් නන්ද සිල්වා විසින් සම්පාදනය කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද මෙම සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින්, ජනාධිපතිවරයකුට නැවත තේරී පත් විය හැකි වාර සංඛ්‍යාව පිළිබඳ සීමාවන් ද ඉවත් කළ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය සහාය දීම වැරදි බව ද රතන හිමියන්ට දැන් තේරී තිබේ. 
කොහොම වුණත්, රතන හිමියන් ඉදිරිපත් කරන කරුණුවල යම් වැදගත්කමක් තිබේ. ව්‍යවස්ථා විප්ලවයක් කරන්නට තරම් මහජන පෙළගැස්මක් මේ රටේ ඇති බවක් අපට නො පෙනේ. අනෙක් පැත්තෙන්, පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය මහජන සංවාදය සඳහා සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ද දැනට මේ රටේ නැත. යම්, යම් ප්‍රායෝගික ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඔස්සේ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පියවර ගැනීම කෙරෙහි ප්‍රමුඛතාව දිය යුතු ය. 

පිවිසුම
http://www.w3lanka.com/

No comments:

Post a Comment