Monday, July 14, 2014

වැදගත් තාක්ෂණික හා දැනුම බ්ලොග් එකක් " විද්‍යා ගවේෂණ - Exploring Science "

ඇමසන් ඝණ වනාන්තරය වසර 2000කට පෙර ආදිමානවයින් ඉරිඟු වගාකල තණබිමක් වූවාද? 


දකුණු අමෙරිකාවේ ඇමසන් වනාන්තර වැඩි ප්‍රමාණයක් ඇතිවී තිබෙන්නේ අදින් වසර 2000ට පමණ පෙර දී යැයි නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත. බොලීවියාවේ ඇමසන් වනාන්තරයේ පැරණි විල් කිහිපයක පතුලේ රොන් මඩ තට්ටු ආධාරයෙන් කරන ලද පර්යේශණයකින් මේ බව හෙලිවී ඇත. මෙම රොන් මඩවල තෘණ වර්ගවල පරාග විශාල ප්‍රමාණයක් තිබී ඇති අතර ඉරිඟු වැනි ධාන්‍ය වර්ගවල පරාගද හමුවී ඇත. බ්‍රිතාන්‍යයේ රෙඩිං විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් පිරිසක් මෙම සොයාගැනීම සිදුකොට ඇත. පර්යේෂකයින් බොලීවියාවේ මේ විල් සහිත ප්‍රදේශය තෝරාගෙන ඇත්තේ ඒ අස ආදි මානවයින් විසින් සිදුකරන ලද වාරිකර්මාන්තයක් යයි සැලකිය හැකි ගොඩනැගීමක නටබුන් හමුවූ නිසාය. මෙම විල් අසලින් ආශ්‍රිතව කිලෝ මීටරයක් දිගට මීටර තුනක් ගැඹුරු හා මීටර හතරක් පළලැති අගලක්  හමුවී ඇති අතර එය වාර්කර්මාණ්තයක් විය හැකි බවට සැක කරයි.
කාලයක සිට විද්‍යාඥයින් ඇමසන් වනාන්තරය ඉතා පැරණි වනාන්තරයක් බව හා එහි වාසයකල ජනයා දඩයම් ජීවිත ගත කලවුන් බවටත් විශ්වාස කලහ. එහෙත් මෙම පරාග සාක්ශි අනුව ඇමසන් වනයේ බොහෝ ප්‍රදේශ සැවනා තණබිම් ලෙස පැවතුනු බවටත් එහි වාසය කල මානවයින් ඉරිඟු වැනි ධාන්‍ය වගාකල බවටත් කල්පිතයක් ඉදිරිපත්වී තිබේ.

පර්යේෂකයන් පවසන්නේ ‍ඇ‍ම‍සන්‍ ‍ව‍නාන්‍‍න‍ත‍ර  බොහොමයක් අදින් වසර 2000ට පෙරාතුව සවානා තෘණ භූමි හා අතීත ජනතාවගේ වගා බිම් ලෙස තිබී ඇති බවයි. ලෝකයේ පාරිසරික ඉතිහාසය සැළකූ විට වසර 2000 ක් යනු ඉතා කෙටි කාලයකි. එතරම් කෙටි කාලයක දී සවානා තෘණ භූමිවල සිට රූස්ස ගස් සහිත වැසි වනාන්තර දක්වා පාරිසරික විපර්යාසයක් වීමට හේතුවන්නට ඇත්තේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරන කක්ෂයේ වෙනසක් විය හැකියැයි ද පර්යේෂකයන්ගේ මතයයි.

පිවිසුම

http://vidya-gaweshana.blogspot.com/2014/07/2000.html 

 

බ්ලොග් එකට පිවිසෙන්න

http://vidya-gaweshana.blogspot.com/ 

 

No comments:

Post a Comment