Sunday, March 1, 2015

හඳුන්වාදෙන විචාර සංවාදශීලී හා විවිධාංග ලොග් පිටුව "ඡායාව"

ආසියාවද ? යුරෝපයද ?





වසර බිලියන ගණනකට පෙර විශ්වය බිහි වුණි.එහි සුවිශේෂි ග්‍රහලොවක් තුල ජීවි විශේෂ හට ගැණුනි.ක්‍රම ක්‍රමයෙන් ඒ ජීවී විශේෂ වර්ධනය විය.මේ ලක්ෂ සංඛ්‍යාත වූ විශේෂ අතුරින් එක් වානර කුලයක් ඉතා වේගයෙන් වෙනස් විය.ඔවුහු කෑම සොය සොයා රංචු පිටින් සැරි සැරූහ.දඩයම් කොට අමු අමුවේ ඒවා ආහාරයට ගත්හ.දෙපයින් සිට ගත්හ.ගින්දර සොයාගත්හ.දඩයම් කොට ඒවා පුළුස්සා කෑහ.විලි වසා ගත්හ.ඇදුම් සොයා ගත්හ.මෙයට යුරෝපයෙන් නව නිර්වචනයක් ඉදිරිපත් විය.ඒ මිනිසා ශිෂ්ට සම්පන්න වීමයි.එහෙත් මිනිසාගේ ශිෂ්ට සම්පන්න බව මිනිසාටම පිළිලයක් වී ඇති බව පෙනේ.මානව විකාශනය සම්බන්ධව අපූරු විග්‍රහයක් බටහිරෙන් ඉදිරිපත් වෙයි.

බුදුන් වහන්සේ දේශනා කළ අග්ගඤ්ඤ සූත්‍රයේ පෙෘද්ගලික දේපළ හිමිකම පිළිබද හොදින් කියැවේ.කලක් සාමූහිකව ගොස් ආහාර බුක්ති විදිමින් සිට පසුව අලස කමට එක් අයෙක් හෙට දිනයටත් සෑහෙන පරිදි ආහාර ගොඩ ගසාගෙන තිබේ.ක්‍රමයෙන් හැල් සහිත භූමි ප්‍රදේශ තමාගේ යැයි වෙන් කරවා ගැනින.මෙලෙසින් ආරම්භ වූ ක්‍රමවේදය සුවිශාල සමාජ හා දේශපාලන ක්‍රමයකට මුල පිරුණි.මෙම සමාජ හා දේශපාලන ක්‍රමය තුලදී ඉතා නින්දිත ලෙස මිනිසුන් තලා පෙළීම හා මරණයට පවා පත්විය.සමහරුන් සුර සැප විදින විට තවත් සමහරු අන්ත දුක වින්දහ.අද ධනවාදය,සමාජවාදය,ප්‍රජාතන්ත්‍රවාදය,කොමියුනිස්ට්වාදය වැනි වචන අපට අසන්නට ලැබෙන්නේ මිනිසාගේ එදා තිබූ මමත්වය හා එහි වර්ධනය නිසාය.

පිවිසුම
http://chayawasa.blogspot.com/ 

Wednesday, February 25, 2015

හඳුන්වාදෙන දැනුම තාක්ෂණික බ්ලොග් පිටුව " tech සයුර"

මාර්තු 23 දායින් පසු බ්ලොගර් තුල අසැබි දසුන් බෑ...

             මාර්තු 23 එනම් ලබන මස 23 වන දා සිට ගූගල් සමාගමේ බ්ලොග් සේවාව වන බ්ලොගර් තුල අසැබි අන්තර්ගතයක් සහිත බ්ලොග් අඩවි සඳහා සේවා ලබා නොදීමට ගූගල් සමාගම තීරණය කර තිබේ. මේ හේතුවෙන් මාර්තු 23 වනදායින් පසු වැඩිහිටියන්ට පමණක් වෙන්වූ අසැබි පින්තූර, වීඩියෝ වෙනත් එවැනි දේ සහිත බ්ලොග් අඩවි බ්ලොගර් තුලින් දර්ශණය නොවනු ඇත. මෙහිදී දැනට එසේ තිබෙන කිසිඳු බ්ලොග් අඩවියක් ඉවත්ව නොයන අතර එහි අයිතිකරුවාට පමණක් එය නැරඹිය හැකිය. දැනට මෙසේ පවතින බ්ලොග් අඩවි තමාට පමණක් නැරඹිය හැකි අයුරින් සැකසුම් සකස්කර ගන්නා ලෙස ගූගල් සමාගම දන්වා සිටී. එසේම මාර්තු 23 දාට පෙර අරඹන සෑම බ්ලොගයක් ම සඳහා අසැබි අන්තර්ගතයකින් තොරව නිර්මාණය කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටී.