Wednesday, June 29, 2016

තොරතුරු විවිධාංග සමග සාහිත්‍යමය රස වින්දනර රැගත් තවත් බ්ලොග් එකක් " අදහස් "

කන්නට යමක් දී යන්නට පුලුවනිද..





ඉන්නට    තැනක් නෑ, එනමුත් මක්      වේද
යන්නට    ලැබුණු අත්වාරුව ඇති    නොමඳ
ගින්නට    කුසේ මෙතුවක් පිළියම්    නොලද
        කන්නට    යමක් දී යන්නට            පුලුවනිද

....................................

පිවිසුම
http://nawaadahas.blogspot.com/ 

Tuesday, June 28, 2016

කාලීන සිදුවීම් තොරතුරු සමගින් තවත් විවිධාංග බ්ලොග් පිටුවක් " සිඩ්නි සිතුවිලි "

බටහිර දෙසට පළමු වරට...!

(2012 ජූනි)
දුම්රිය ස්ට්‍රැත්ෆීල්ඩ් දුම්රියපළ පසු කරමින් තිබිණි.

සිඩ්නි චෙස් ඇකඩමියේ කටයුතු පිණිස බටහිර දෙසට ඇදෙන දුම්රියක නැගී ආ කාලයේ මා පැමිණ තිබුණේ බර්වුඩ් දුම්රියපොළ වෙත පමණි. ස්ට්‍රැත්ෆීල්ඩ් යනු බර්වුඩයට පසු හමුවන දුම්රියපොළ ය. එය පොල්ගහවෙල නැතිනම් මහව හන්දිය දුම්රියපොළ සිහි කළේ එක් ඉලක්කයක් ඔස්සේ ඇදී ආ දුම්රිය මග දෙපසකට බෙදා හරිමින් ගමනාන්තයන් දෙකක් වෙත දුම්රිය යොමු කළ හෙයිනි. බටහිර දෙසට විහිදුණු මාර්ගය පැරමටා සහ බ්ලැක්ටවුන් පසු කරමින් පෙන්රිත් හරහා බ්ලූ මවුන්ටන් කදු ශිඛර දෙසට හෝ රිච්මන්ඩ් ප්‍ර‍ත්‍යන්ත වෙත ජනයා කැටුව යන්නට සූදානමින් සිටි අතර යළි උතුරට හැරුණු මග එපින් ප්‍ර‍ත්‍ය නගරයේදී සිඩ්නියේ සිට එන උතුරුබඩ මාර්ගය හා එක් වීමට දිව ගියේ ය.

මුල් වරට ඇස ගැටෙන බටහිර ඉම් පෙදෙස් දෙස දුම්රිය කවුළුව තුළින් මම බලා සිටියෙමි. වේගයෙන් පසු වී යන දර්ශන පෙළ විටෙක වීදිවලින් බර වී එකිනෙකට ආසන්නයෙන් පෙළ ගැසී තිබුණු නිවාස පන්ති ද, දිගු යායට විහිද ගිය ප්‍ර‍ත්‍ය නගරබද ගොඩනැගිලි ද, සුවිසල් දුම්රිය එකලස් කරන හෝ අලුත්වැඩියා කරන අංගනද මවෙත රැගෙන ආවේ ය.

මා අද හමුවන මිනිසා, නාරද, කවරෙකු විය හැකි ද? මවිසින් මින් ඉහත පළ කරන ලද ‘සිඩ්නි සිතුවිලි‘ ලේඛණ කියවා මවෙත ඊමේලයක් එවා තිබුණු ඔහු මා හමුවන්නට කැමැත්තෙන් පසුවන බව ලියා තිබුණේ ය.

“ඔබ අපට කැපෙන කෙනෙක් බව පෙනෙනවා. වෙලාවක මුණගැහෙමු!“ යනුවෙන් සදහන් කරමින් අවසන් කර තිබුණු ලිපියේ කෙළවර ඔහුගේ දුරකථන අංකයද ලියා තිබිණි. ඒ දුරකථන අංකයට මා ඇමතුමක් දුන්නේ දින දෙකකට පෙර හවස්වරුවක ය.

“හරිම සතුටුයි ප්‍රියන්ත කතා කරපු එක නම්... එන්න පුළුවන් ද පැරමටාවලට අනිද්ද උදේම? මම අනිද්ද නිවාඩු. අපිට ටිකක් කතා කළ හැකි!“

බටහිර දෙසට දිවෙන දුම්රියේ ජනේල කවුළුවක් අසළ අසුන් ගෙන මා මේ ගමන් කරමින් සිටින්නේ ඔහු හමුවන්නට ය. ඔහු කුමන වයසක, කුමන තරාතිරමක, කොයි ආකාරයක මිනිසකු දැයි යන්න පිළිබඳ කිසිදු අදහසක් නැතිව මා මේ යන ගමනට අර්ථයක් තිබේ ද?

නැත! එක්තරා අයුරකින් මම ඔහුව ද, ඔහු මාවද හඳුනාගෙන අවසන් ව ඇත. නන්නාඳුනන මිනිසුන් සමූහයක් අභියස සිටින ඔබ එහෙන් මෙහෙන් නැගෙන විසිරුණු දේශපාලනික කතාබස් අතරතුර ඔබට සමීප අදහස් දරන්නකු හඳුනාගන්නේ කොයි ලෙසකින් ද, මොහොතකින් ඔහු හෝ ඇය සමග අදහසක් දෙකක් හුවමාරු කරගන්නේ කොයි ලෙසකින් ද එලෙසම මා නාරද වෙත එක් පියවරකින් සමීප වී හමාර ය. ඔහු මා ලියන ‘සිඩ්නි සිතුවිලි‘වල රසිකයෙකි. මා මෙන්ම හෝ වෙනයම් අයුරකින් මෙරටට ආ ඔහුට මා විඳි මේ හැඟුමන් හමුවී තිබෙනු සැක නැත. මා ලියූ ලේඛණවලින් ඔහු හඳුනාගන්නා ඔහුගේ අතීතය යළි හිස ඔසවා විත් මට ද අත වනයි. එක් අතකින් ඔහු අද මුණගැසෙන්නට බලාපොරොත්තු වන්නේ ඔහුගේ අතීතයම විය හැක. එසේනම් මේ මාගේ අනාගතය ද?
......................................................

පිවිසුම 

Monday, June 27, 2016

තවත් අළුත් තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් එකක් " ඉලංගකෝන්ගේ විවරණය "

ගණන් තැබීමේ සහ මැනීමේ වැදගත්කම.



මැනීම යනු යම් වස්තුවක, නියමිත ලක්ෂණයකට, ඉලක්කමකින් අගයක් ලබාදීමයි.  

පසුගිය අවුරුද්දේ, මම මිතුරෙකු විසින් ගොඩනංවන මෙගා වෝට් එකක ජලවිදුලි බලාගාරයක් අධීක්ෂණය කිරීමට, ඔහුත් සමග ගියෙමි. එක් වරෙක, බෑවුමේ පහල තරමක යකඩ මඩුවක් සාදන්නට වුවමනා විය.  මඩුවේ යකඩ බාල්ක, අත්තිවාරමේ ඇණ මත, වෙල්ඩින් කිරීමේ උපකරන එතනට ගෙන යාම, සීඝ්‍ර බෑවුම නිසා ඉතාමත් දුෂ්කර විය. මේ නිසා, අත්තිවාරමේ සවිකර ඇති ඇණ වලට ගැලපෙන සේ, බාල්කවල සිදුරු විද, ඒවා ලණු වලට ගැට ගසා, පහත් කිරීමට මම යෝජනා කලෙමි. කාර්මිකයා මෙයට කිසිසේත් කැමති වූයේ නැත. පසුව මෙය කරගෙන යද්දී, මට වැටහුනේ ඇණ අතර දුර, හරියටම මැනගෙන සිදුරු විදගැනීමේදී වැරදිය හැකි යැයි, ඔහුට සැකයක් තිබූ නිසා, ඔහු මෙලෙස, පහසු ක්‍රමය යොදා ගැනීමට පැකුලුනු බවය.
සාමාන්‍යයෙන් ලංකාවේ උතුරේ හැරුනු විට, පර්චස් 10/20 ට වැඩි ගෙවත්තක, අඩු තරමේ පොල් ගස් 5/6 ට වැඩි ගණනක් තිබීම, ග්‍රාමීය පරිසරයක නිසැකයකි. එහෙත්, පොල් ගස් ගණන ඊට වඩා වැඩි වුන තැනක, අයිතිකරු ගෙන් ඔහුගේ හෝ ඇයගේ ගෙවත්තේ පොල් ගස් කීයක් තිබෙන්නේ දැයි ඇසුවොත්, හරි උත්තරයක් ලැබීම අවිනිශ්චිතය. එමෙන්ම, වඩා පලදරන ගස් වර්ග තෝරා ගෙන, පැල කිරීමක් අපට පුරුදු නැත. බොහෝ විට අප ගෙවතු වල ඇත්තේ, ඉබේ පැලවුන ගස් වර්ගය.
එලෙසම අප රටේ සුළු හා මධ්‍යම ව්‍යාපාර, සිල්ලර කඩ, බාබර් සාප්පු, ගැරේජ්, බියුටි සැලෝන්, කම්හල් සහ හෝටල් කුමන ප්‍රමාණයක ගිණුම් මිණුම් තබන්නේද? මම සිතන්නේ උත්තරය 5% කටත් වඩා අඩු බවය. තමන්ගේ ව්‍යාපාරය, පාඩුවට කරගෙන ගොස් ඇති බව දැන ගන්නේ, ව්‍යාපාරය බංකලොත් වූ පසුවය. 
...............................................
 
පිවිසුම