Sunday, May 31, 2015
පින්බර පොසොන් පෝය
සකල ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවටත් සියළු රටවැසියන්ටත් උදාවන පොසොන් පොහොය ඉමහත් බැතියෙන් සැමරීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
Saturday, May 30, 2015
ශාස්ත්‍රීය විචාර විවිධාංග හා තොරතුරු බ්ලොග් පිටුවක් "මලියගෙ සටහන"
මැලේනා බඩුවක්ද?
කාලෙකට පස්සේ
සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියක් රසවිදින්නට අත්දැකීමක් ලැබුනා.ඒ ඇසුරින් යන දෙයක් ගැන
තමයි අද මං කතාකරන්න හිතුවේ.චිත්‍රපටයේ නම මැලේනා.මට මේක ලැබුනේ ලගකදි උනාට මේක
බලපු කස්ටියනම් ඇති අනිවාර්යෙන්ම.මේක ඉස් ඉස්සෙල්ලම බලද්දි මට බලලා පුරුදු ගතියක්
දැනුනා.පස්සෙයි මට මීටර් උනේ,මේ ෆිලුමේ වීඩියෝ එකක් එඩීට් කරලා
ලස්සන සිංහල සින්දුවකට දාලා තිබුනා.මොකක්ද සින්දුවේ නම.....ආහ්..කැමීලියා මල්
සුවදට.. මේක මැලේනා නම් සුරූපි යුවතියක් වටා ගෙතුන අපූරු කතාවක් වගේම සමාජ
යථාර්තයක් ගැන කතිකාවතක් ඉදිරිපත් කිරීමක් විදියටත් හදුන්වන්න පුලුවන්.ඇත්තෙන්ම මං
ලබා තියෙන සමාජ අත්දැකීම් අනුව 100% ක් ලංකාවට ගැලපෙන කතාවක්.
.......................................................................
පිවිසුම
http://maliyagesatahana.blogspot.com/
සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් පිටුවක් "කැලේට පිපුණු මල්"
විත්‍යා මගෙ නංගියේ
විත්‍යා මගෙ නංගියේ
එකින් එන හැඩ අකුරු
අමුනා
හීන ඇහිඳින වංගියේ
විත්‍යා මගෙ නංගියේ
දෙපා තබනා වැලි කැටත්
අද ගොළුව ඉන්නා
සන්දියේ
එදා ගිණි ගත් උතුර
අදටත්
නිවී නෑ මගෙ නංගියේ
විත්‍යා මගෙ නංගියේ...
දිනක මල් යහනකදි
සැතපෙන
සීනයෙන් නුඹ නංගියේ
මල් සමයෙ මල් හීන පොදි
බැද
තනිව ඉන්නා වංගියේ
නොදැනුනිද මරු සැඟව
හිටි බව
නුඹට හුරු ඒ හන්දියේ
එකින් එක සළු ලෙහී
යද්දී
කුමක් හිතුනද නංගියේ
අවදි වුනු සර්පයන් නුඹ
තුල
රසය සොයනා වංගියේ
නුඹේ කෙඳිරිලි මියුරු
ගී ලෙස
උන්ට දැනුනද නංගියේ..
ගිණි වැදුනු ගත
සතවපන්නට
උන්ගෙ මවු නැති
සන්දියේ
පුංචි කැකුලක් විෂ
දලින් තැළු
සැපය ඉතිරිද වන්දියේ
විත්‍යා මගෙ නංගියේ
උඹත් මිය ගිය වංගියේ
කඳුළු පමණයි අපට දෙත
හැති
මක් කරන්නද නංගියේ
........................................
පිවිසුම
Subscribe to:
Posts (Atom)

