Tuesday, September 30, 2014

හඳුන්වාදෙන තවත් එක විවිධාංග හා දැනුම බ්ලොග් එකක් " හුන්ගාගේ වල්පල් "

ෂෝට් කට් වයිරස් එකට ටටා බායි කියමු.....## Remove the SHORT - CUT Virus From One minute.....




අදනම් මගේ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයකට, මට උත්තරයක් හොයා ගන්න පුළුවන් උණා...
අපේ කැම්පස් එකේ CC (Computer Center) එකට ගිහින් පෙන් එකක් ගහපු ගමන්, මෙලෝ රහක් නැති, එපාම කරපු මල මගුල් වයිරස් එකක් ඇවිත් පෙන් එකේ ඩේටා ඔක්කොටම වින කරනවා...

 
පිවිසුම

Monday, September 29, 2014

අළුත් රසවින්දන හා විවිධාංග බ්ලොග් පිටුවක් "චක්කරේ"

කවුද වැටුනලූ.....


ලේ දන් දීම ගැන මොකද හිතන්නේ?? ඒක ලොකු පින්කමක් තමා..පුළුවන් හැටියට සහභාගී වෙන්ඩ ඕන පුන්‍යකර්මයක්.... සැප්තැම්බර් ම‍‍ාසේ රූපේලාගේ පන්සලේ ලේ දන් දීමේ පින්කමක් තිබුනා..අනේ ඉතින් Clz කට් කරගෙන රූපේ ගියේ අතාත් එක්ක... බර මැනලා දීපු ෆෝම් එකත් පුරවලා පෝලිමේ වාඩි වුනේ ඩොක්ටර් ගාවට යන්ඩයි. විනාඩි 15කට පස්සේ ලේ ගන්න බෑග් 4ක් එක්ක ගිහින් ඇදකට සෙට් වුනේ ඒ මහා පුන්‍යකර්මයටයි..ලස්සන මිසී කෙනෙක් ඇවිත් නම ගම අහලා ලේ ගන්ඩ පටන් ගත්තා... ලේ දෙන තුන්වෙනි පාර හින්දා රූපේ හිටියේ මාර කොන්ෆිඩන්ට් පිට...ඇයි ඉතින් ආයේ වෙන දේවල් ඔක්කෝම දන්නවනේ..විනාඩි 20ට විතර ලේ දීපු ගමන් ඇදෙන් නැගිට්ටේ ගිහින් මයිලෝ එකක් ගහන්ඩයි...රූපේට මතක විදියට අඩි 10ක් විතර ගියා...ඇස් දෙක නිලංකාර වෙලා යනවා අන්තිමට මතකයි..


පිවිසුම
http://chakhkare.blogspot.com/ 

Sunday, September 28, 2014

දර්ශකයට ඇතුල් කර ඇති බ්ලොග් කතුවටුන් වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි.



අපගේ බ්ලොග් දර්ශකය තුලට මෙතෙක් ඇතුල් කර ඇති සියළුම බ්ලොග් අඩවි දෙස බැලීමේදී පෙනෙන්නට තිබෙන දෙයක් නම් ඇතැම් බ්ලොග් අඩවි මාස ගණනක් තිස්සේ යාවත්කාලීන නොවීමයි. එය අපට ගැටළුවක් නොවන අතර එසේ වූ පමණින් එම බ්ලොග් අඩවි කිසිවක් දර්ශකයෙන් ඉවත් කිරීමටද කටයුතු කර නැත. ඇතැම් විට වසරකට වැඩි කලක් තිස්සේ අත් හැර දමා තිබෙන බ්ලොග් අඩවි ඉවත් කිරීමට සිදුවන්නට පුළුවන. එසේ වුවත් එම බ්ලොග් කතෘවරුන්හට ඔවුන්ගේ බ්ලොග් පිටු නැවත යාවත්කාලීන කරනුලැබූ කලක නැවතත් දර්ශකයට ඇතුල් කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව තිබේ. කෙසේ නමුත් අප මෙතෙක් කල් අනුපිළිවෙලින් බ්ලොග් අඩවි හඳුන්වා දීම ලිපි මගින් සිදු කළත් මින් ඉදිරියට එසේ බ්ලොග් අඩවි හඳුන්වාදීමේදී වඩා ඉක්මනින් යාවත්කාලීන වන බ්ලොග් පිටු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීමට කටයුතු කරන්නට අදහස් කර ඇත. මේ කටයුත්ත අප සහෝදර බ්ලොග්කරුවන් හරියාකාරව තේරුම්ගනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වන්නෙමු.