ඉඩෝරයාගෙ හීනෙ - අන්තිම කොටහ
ඉඩෝරයා ගේ කතාව මං බාගෙට කියලා නැවැත්තුවේ කතාව ටිකක්
දිග වැඩි වෙච්චි හින්දා. ඉඩෝරයාගේ කල් කිරියාව කොහොම එකක්දෑ කියල කියන් නැතුව
ඉඩෝරයාගේ ඉරණම කියන එක තේරුමක් නෑ. ඒකයි කතාව දික් උනේ. කවුරු හරි ඉඩෝරයාගේ කතාවෙ
මුල් ටික කියවලා නැත්නම් මයෙ අම්මා තරහ නැතුව මෙතැනිං ඒ කොටහ කියවලම වරෙල්ල හොදේ.
නැතුව අර ටැලිවිසොන් පෙට්ටියේ රෑට රෑට - රූට රූට පෙන්නන
නාට්ටිය බලලා පුරුද්දට, එක දවසක කෑල්ලක් නෙවෙයි දවස් තිහ හතලිහක කෑලි නොබැලුවත්
අවුලක් නැතුව ඉස්සරහට බලාගෙන යන්ඩ පුළුවන් වෙන මෙගා කුණු හරුප නං නෙවෙයි ඕං
මෙව්වා. මෙගා නාට්ටිය කියන්නේ ‘මුත්තයියගේ ගල් කේක්’ වගේ දෙයක්. හැබැයි ඒක
වෙනම දවසක කියන්ඩ ඕන වෙනම කතාවක්... දැන් ඉඩෝරයාගේ දෙවැනි කොටස
“උඹ කොහොමද මට
ලී ගෙනත් දෙන්නෙ?”
“පර බාසාව ප්‍රෂ්නෑක්
උන් නැත්තන් මටත් ආව් අප්ප කියල උපාධිය ගන්ඩ පුලුහන් වෙයි!!”.
එහෙම කියන කොටත් ඉඩෝරයාගේ මූනේ පොඩි හිනාවක් යනවා. අත්
දෙක පද්දන වේගෙ ටික ටික වැඩි වෙනවා.
“…එහෙම උනොත් මං
අපේ ගමේ ග්‍රාමය වෙනවා!!!...”
“මොකක්?”
“ග්‍රාමයා… ජේෂ් තුමා ග්රාමයා!!...”
මූට ඕන ග්‍රාම සේවක කෙනෙක් වෙන්ඩද උපාධියෙන් පස්සේ?. මට හිතා ගන්ඩ බැරි
උනා. සාමාන්යෙන් උපාධිය ගත්තහම අපි බලාපොරොත්තු උනේ ආණ්ඩුවේ ලොකු රස්සාවකට හරි ප්‍රයිවෙට්
තැනක ලොකු පඩියක් ගන්ඩ පුළුවන් ජොබ් එකකට යන්ඩ. ග්‍රාම සේවක තනතුරක් ගැන අපි
කවුරුවත් හිතලා තිබ්බේ නැති වෙලාවක මෙන්න මේකා ග්‍රාම සේවක කෙනෙක් වෙන්ඩ හදනවා!!!. මං ඒ රස්සාව පාත්
කරනවා නෙවෙයි. එත් ඒ කාලේ අපිට හිතුනේ උපාධියක් ගත්තහම ඊට වඩා ලොකු රස්සාවක් කරන්ඩ
ඕන කියලයි.
...................................................................
පිවිසුම
එළස්
ReplyDelete