එදා ඉඳන්!
මට මතක හැටියට එදා හරිම මූසල, පාලු දවසක්. හරියට පාට නොකරපු, බොඳවෙච්ච, අඳුරු චිත්‍රයක් වගේ. තාත්තා ඊට ටික දවසකට කලින් රෝහලට ඇතුල් කරලා තිබුණා. උණ රෝගයක්. ඒ එක්කම දොස්තරවරුත් ස්ට්‍රයික් කරලා. අම්මා මාව ඇදගෙන රෝහලට දුවනවාත්, අමාරු වුනු තාත්තාට ලේ හොයන වැඩේට සීයා තාත්තා දුවනවාත් මට යාන්තමට මතකයි. අපි එදා හවස තාත්තා බලන්න යද්දි එයා හැසිරුනේ අමුතු විදියකට.
"මට දුක මගේ කෙල්ල ගැන" එයා අම්මාට කීවා. වෙනදා දකින තාත්තාට වඩා වෙනස් කෙනෙක් තමා ඒ ඇඳේ දිගා වෙලා හිටියේ. මගේ තාත්තා උස, සුදු, ලස්සන කෙනෙක්. එයා මාව අතින් අල්ලන්න හදනකොට මම අම්මාට පස්සට වුනේ බයෙන්. තාත්තාගේ ඇස්වල කඳුලු මම යන්තමට දැක්කා.
"පිස්සු කතා නොකියා ඉන්න" අම්මා තරමක් තදින් කීවා. "මම ඔයා ආසා එලවලු සුප් එකක් අරන් හවසට එන්නම්"
අම්මා ගෙදර ගිහින් නිදාගත්තා. මම ඇගේ පය පාමුල මගේ බෝනික්කා එක්ක සෙල්ලම් කලා. හදිසියේ ඉස්සරහා දොර ඇරෙනවාත්, කටහඬවල් වගේකුත් ඇහුනා. අම්මා ඇස් ඇරියා. කාමරේ දොර ඇරගෙන ආවේ අම්මාගේ පොඩි නැන්දා. ඇගේත්, ආච්චි අම්මාගේත් මූනු දැක්ක මගේ අතින් බෝනික්කා බිම වැටුනා. එයාලා අම්මා දිහාට නැවිලා මොනවදෝ හිමිහිට කීවා. අම්මා කෑගහන ගමන් මාව තල්ලු කරලා දැම්මා. ආච්චි අම්මා මාව අරගෙන අඬමින් කාමරෙන් එලියට ගියා. මට මතක මම බෝනික්කා උඩින් යන එක විතරයි. ........................................
පිවිසුම
http://devduwa.blogspot.com/
කියන්න කියලා හිතුවත් අමතක උනා... අළුත් වැරදියි... අලුත් තමා හරි... මේ අළු කියන්නේ ash වලට...
ReplyDelete