සුරංගනී
ගමේ බස් එක ජම්බුගස් මුල්ලෙන් හැරිලා
පන්සල පහුවෙනවත් එක්කම මට මතක් වෙන්නෙ එකම එක්කෙනෙක්.ජම්බුගස්මුල්ල
හංදිය හැරෙන තැනම වෙලත් එක්ක තියන පුංචි පාරෙ ඇතුලට ගියාම මොනවද තියෙන්නෙ
කවුද ජීවත්වෙන්නෙ කියල කියන්න මම හරියටම දන්නේ නැහැ හැබැයි ඒ හරියේ අවට
මලගෙයක් වෙන දවස් වලට මුළු පාරම සුදු කොඩිවලින් සරසන නිසා මම දන්නව ඒ පාරෙ
කෙලවර කොහෙම හරි කනත්තක් ඇති කියල.අදත් බස් එක වංගුව හරවනකොටම මම දැක්ක ඈත
තියාම හුළඟට හෙලවෙන සුදු කොඩි .එහාට මෙහාට හෙලවෙන තීරු තීරු සුදු කොඩි
අතරින් මගේ මතකෙ දුවල ගියේ මිට අවුරුදු දහයකට විතර ඈතට.ඒ දන්න කියන කෙනෙක්
වෙනුවෙන් මේ පාරේම මේ විදිහටම සුදු කොඩි සැරසිල තිබ්බ දවසකට.ඒ සුරංගනී ගෙ
තාත්ත ගෙ මළගෙදර දවස.
ඒ කාලේ අපි හතර වසරෙ. පන්තිය පුරාම එහෙ
මෙහෙ දුව දුව සෙල්ලම් කර කර හිටිය දවසක අපි ඔක්කොමාලව එකතු කරන් අම්මලත්
එක්ක අපිව එක්කන් ගියේ සුරංගනීලගෙ ගෙදර.හැමදාම මේ බස් එකේ ගියත් එදා තමා
දැනගත්තෙ සුරංගනී හිටියෙ ජම්බුගස්මුල්ලේ පන්සලගාව ඇතුලට තියන පාරේ
කියල.මළගෙදර ගියාම තමා අපිට දැනගන්න හම්බඋනේසුරංගනීලගෙ තාත්ත නැතිවෙලා
කියල.නැතිවෙලා තියෙන්නෙ මල් පොහොර වගයක් කාල.ඒ කාලේ ඇහිච්ච බර චනයකින්
කිව්වොත් සියදිවි හානි කරගැනීමක්.මල ගෙදර දවසෙ සුරංගනීලගේ අම්ම පැත්තකට
වෙලා සුරංගනීලගෙ තාත්තගේ මිනිය දිහා ඔහේ බලන් හිටිය විදිහත් කෙලවරේම
පුටුවක ඉඳගෙන සුරංගනී අඬ අඬ හිටිය විදිහත් මට තාම මතකයි.මල ගෙදර දවසේ තැන්
තැන්වල මිනිස්සුන්ගෙ කසු කුසු කනට ලාවට ඇහුනත් සුරංගනී තමා පස්සෙ අපිට
කිව්වෙ තාත්ත නැති උනේ අම්ම එක්ක උන රණ්ඩුවක් නිසා කියල.අහන්න ලැබුන
විදිහට නම් සුරංගනීලගෙ අම්මට තිබ්බ අනියම් සම්බන්දයක් ආරංචිවෙලා වෙච්ච
රණ්ඩුවක් දුරදිග යාමක්.අන්තිමේ තාත්ත සියදිවි නසාගෙන. සුරංගනී පුංචි කාලෙම
එයාගෙ තාත්තගෙ උණුහුම් අරන් ගිහින්.
මම කිව්වේ නෑනෙ සුරංගනී ගැන .ඒ කාලෙ නම්
අපි එච්චර සුරංගනීට කැමති නැහැ .මුණ රවුම් රැලි රැලි කොණ්ඩයක් තියන ඔලුව
උඩින් තනි ලොකු පොල් මලක් ගැට ගහගෙන එන සුරංගනී හරි කට සැර කටකාර කෙල්ලෙක්
.අපේ වචනවලින් කිව්වොත් රණ්ඩු කෙක්කක්.කට්ටි කට්ටි රංචු ගැහිලා හදාගෙන
ඉන්න යාලුවන්ගේ එකතුවේ සුරංගනී හිටියේ නැතත් පන්තියේ එකට ඉන්න වෙලාවට අපි
ඔක්කොම එකට. කතා පෙට්ටි ගොඩයි දන්නවනේ ඉතින් පොඩි පහේ ගෑනු ළමයි එකතු උනාම
කියවන කියවිල්ල :)
...................................................................
පිවිසුම
:)
ReplyDelete