Monday, December 15, 2014
හඳුන්වාදෙන ජනප්‍රිය තොරතුරු විවිධාංග බ්ලොග් එකක් "හිතනලන්තය"
පෙනහළු පිළිකාවකට කළ හැකි භයානකම දෙය ඔබව මත්ද්‍රව්‍ය නිපදවන්නකු බවට පත් කිරීම නම් මරණය ඊට වඩා පහළින් ඇති භයානක ලැයිස්තුවේ ඇති බවට නිගමනය කළ හැකිය. නීතිගරුක වෝල්ටර් වයිට් හට සිදු වූයේද එයයි. රයායන විද්‍යා ගුරුවරයකු ලෙස අතිශය නීරස සහ අතෘප්තිකර රැකියාවක නිරත වෙමින් අර්ධ කාලීනව වාහන නඩත්තු කරන ස්ථානයක සේවය කළ හේ හදිසියේ විසාල සැතපුම් කණුවකට අවතීර්ණ වෙයි. ඒ පෙනහළු පිළිකාවක් වැළැඳී ඇතැයි වෛද්‍යවරයකු ලබා දෙන තීරණයක් සමඟය. බිරිය ගැබ්බරිනි. තරුණ පුත්‍රයා අර්ධ ආබාධිත තත්ත්වයකය. ගසකින් කොළයක් වැටෙන්නාක් සේ ජීවිතය නැවත්වීමට නොකැමති වෝල්ටර් වයිට් අසීමාන්තික හොඳ ජීවිතයෙන් අසීමාන්තික නරකට මාරු වීමට තීරණය කරයි. හරියටම කාසියක් උඩ දමා වැටෙන පැත්ත තීරණය කරන්නාක් තරම් සරලව ඔහු නරක තෝරා ගනී.
Subscribe to:
Post Comments (Atom)
මේක හොඳ බ්ලොග් එකක්. නමුත් ගුගල් ප්‍රොෆයිල් එකෙන් කොමෙන්ට් දාන්න බැහැ.
ReplyDeleteකමෙන්ට් දානකොට මොනවා හරි errors පෙන්වනවද?
Delete