Wednesday, May 7, 2014

"වැවු ඉස්මත්ත"


"කුලහීනයා"


''ලොකු දුව උඹට ඉල කැඩෙනකං කියල තියෙනව අර... අර කම්මල් කාරයත් එක්ක තියෙන පලහිලව්ව නතර කරන්ඩ කියල.......උඹල හදන්නෙ අපෙ මූණෙ දැලි ගාන්ඩද?  මහ  මිනිහ එහෙම දැන ගත්තොත් විසුමක් වෙන්නෑ....... උන් කවුද ......අපි කවුද.....ලැජ්ජාවක් නැද්ද  ලලිතා...? ඔය ඕකුන්ගෙ මහ එකා ඒ දවස්වල උඹලෑ  අප්පොච්චි දකින කොට ආ පුංචි මහත්තයා කියල සුම්බරේ අතට අරං හතරට පහට නැමිච්ච උං......ඔය කම්මල් කාරයින්ට අපෙ පවුල් පෑහෙන්නෑ ලලිතො...''


'' අනේ අම්මෙ මේ උදේ පාන්දරම අම්මට මොනව වෙලාද...මේ..මේ කුල මල ගෝත්තරේ ඇදගෙන  ලැජ්ජ නැද්ද අම්මෙ...පාරෙ යන මිනිස්සුත් හිනා වෙනව....." අතුගගා හුන් ලලිතා ඉදල මුල්ලකට විසි කර ගෙතුලට ගියාය.



" ඔව් ඔව්....පාරෙ යන මිනිස්සු හිනා වෙනව....ඒක තමයි උඹට තියෙන අමාරුව..බලා හිටිං.....!.අනේ.... හපොයි..!මෙහෙම ගියොත් අපිට දොට්ට පිළට බහින්ඩ වෙන්නෑ....මේ පරට්ටි කරන අසමජ්ජාති වැඩ හිංද........"



මුළු ගෙදරම හෝරාවක් පමණ වේලාවක් මහා නිහඩ බවකින් වෙලා ගත්තීය.මල් මල් ගවුමකින් සැරසුණු ලලිතා එලියට බැස්සාය.
කියවන්න
http://wewismatha.blogspot.com/2014/05/blog-post.html 

බ්ලොග් අඩවියට පිවිසුම
http://wewismatha.blogspot.com/ 

2 comments:

  1. නිමාව හරිම ලස්සනයි .පැරා කියල කියන්නෙ ඔයාටද? ඔයාගෙ බ්ලොග් එකටත් මම යනවා.ඒකත් ලස්සනයි.

    ReplyDelete