Sunday, December 28, 2014

හඳුන්වාදෙන තොරතුරු විවිධාංග බ්ලොග් එක "රටේ වෙදුන්"

මගේ පිළිවෙල ඇගේ අපිළිවෙලයි 

 


කෙල්ලන්ට සාපේක්ෂව ගත්තම කොල්ලන්ට තියෙන්නේ වෙනස්ම පිළිවෙලක් ම නෙහ්..හැබැයි මෙහ් රාමුවෙන් පිට පනින අය ඕන තරම් ඉන්නවා.මම සහ මගේත් එක්ක උදේ හවස ඉන්න උන් ටිකට අදාලව කොල්ලෝ ගැනත් ඒ සෙට් එකේම ඉන්න කෙල්ලෝ සහ මගේ උන්ගේ මම ආශ්‍රය කරන නගාලා බුකියෙන් හම්බ උන කෙල්ලන්ට සාපේක්ෂව කෙල්ලෝ ගැනත් ප්‍රොෆ පොඩි සමීක්ෂණ පාරක් ගැලපුවා.

අපි කාමරේ අස් කිරිල්ලෙන් පටන් ගන්මු..

බලනවකො තමුසෙගෙ කාමරේ හැටි මේකේ මනුස්සයෙක්ට ඉන්න පුළුවන් ද තමන්ගේ කාමරේට අම්මා බෙල්ල දාන දාන පාරට මේ වචන කොල්ලෙක්ට අලුත් දේවල් නෙමෙයි.බොරු කියන්න ඕනි නෑ මට නම් කාමරේ අස්  කරන්න දවසක් යනවා...නිවාඩු දවසක පාන්දර 10 ට විතර නැගිටින කොල්ලෝ ඔය අස් කිරීම වගේ වැඩක් එක දිගට කරන්නේ නෑ මලාට..ටිකක් අස් කරයි උදේට කනවා ටිකක් වෙලා කැරකි කැරකි ඉන්නවා අයිත් ටිකක් කරනවා මම අහපු ගොඩ දෙනෙක් මෙහෙමයි..හැබැයි ඉතින් දවසක් තිස්සේ මැරීගෙන අස් කරත් අම්මලා කියන්නේ ඔය අස් කරාද කියල තමා..කොල්ලෝ කාමරේ අස් කරද්දී තමන්ට භාණ්ඩ ගැනීමේ/සොයාගැනීමේ පහසුව පිණිස ඒවා ස්ථාන ගත කලත් කෙල්ලෝ බදු තියන්නේ ඇස පිනවීම මුලික කරගෙන..මේක මෙතනින් තිබ්බොත් කොහොමද එක පෙන්න තියන්න හොද නැද්ද කියල දහසකුත් දේවල් කල්පනා කරනවා ලු..ඉතින් කොල්ලෙක් ගේ කාමරේ පිළිවෙල පෙන්නේ තවත් කොල්ලෙක්ටම විතරයි..හැබැයි කෙල්ලෙක් ගේ කාමරයක් බැලුවම ඕනිම කෙනෙක්ට ලස්සනට පේනවා..කෙල්ලෙක් පන යනකන් අතු ගාලා දුවිලි ගසල ගන්න පිරිසිදුව කොල්ලන්ගේ ටිකක් අඩුයි..කොළ ටික මෙසේ යටට වැලි ටික ඇද යටට තල්ලු කරාට දොර ගාව ඉදන් ඇදටත් කොම ගාවටත් කොල්ලන්ට පිරිසිදු පාරක් තියෙනවා යන්න..ඒ වගේම ගොඩක් කොල්ලෝ කාමරේට එයාර් ෆ්‍රෙෂ්න එකක් කෙලිනවා..ගොඩක් කෙල්ලෝ දවස ගානේ(ජොබ් නොකරන ගෙවල් වල ඉන්න අය) වැඩට යන අය සති අග කාමරේ අස් කරාට කොල්ලෙක් එක කරන්නේ එක්කෝ මාසේ අග එහෙම නැත්තම් මාස 2කකට වගේ පාරක්.කාමරේ බෙඩ් ෂිට් එකේම කොල්ලෙක්ට අම්ම හෝදලා දුන්නොත් මිසක් හෝදන්නේ එකේ දරු පවුල් වැඩි උනාම තමා..ප්‍රාණ ඇප කාරයන්ව ඇදෙ නිදහස් කරන උන් ඉන්නවා නෙහ්..

පිවිසුම

Thursday, December 25, 2014

නව විචාරාත්මක විවිධාංග බ්ලොග් එකක් "වම් ඉවුරේ අවන්හල"

පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගැන සාමාජික මල්ලියෙක්ගෙ මතයක්

දැඩි ඉල්ලීම නිසා පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගැන 

පොඩි හැදින්වීමක් ලියන්නම්. මේක පක්ෂකය නිල 

මතයක් නෙවෙයි, ඒත් මගේ අත්දැකීම් හා දැනුමේ 

සීමාවන් එක්ක, ඒත් හැකි ආකාරයෙන් ලියන්නම්. 

මේක ලොකු කතාවක් ඒත් හැකිතාක් කෙටිකර 

ලියන්නම්. මුලින්ම පසුබිම ගැන ටිකක් ලියන්නම්.

 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මව් පක්ෂය ජනතා 

විමුක්ති පෙරමුණ.

 
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලංකාවේ 


ධනේෂ්වර ආර්ථික ක්‍රමයට විරුද්ධව සමාජවාදී සමාජ 

ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම සදහා 1960 

ගණන්වල අගභාගයේදී පිහිටවපු පක්ෂයක්. ඒ 

අරමුණේ ප්‍රතිඵලයක් විදිහට 71 සහ 89 දී පක්ෂය 

මූලික වුණු සන්නද්ධ අරගල සිදුකරනවා. මේවා 

තාක්ෂණික වශයෙන් න්‍යායාත්මක වශයෙන් වගේම

 ප්‍රායෝගික වශයෙන් අඩුපාඩු සහිත වූවක්. කිසියම්

 කෙනෙක් මේ සිද්ධි ගැන විවේචනයක් ඉදිරිපත්

 කරනවා නම් ඒවා ගැන

පිළිතුරු දීමට පෙසප පෙනී ඉන්නවා. ඒක හුදු සමාව 

ඉල්ලීමකට වඩා එහා ගිය එකක්.

 
අපේ පරම්පරාවේ අය ජවිපෙ ගැන දන්නේ 94 න් 


පස්සේ ජවිපෙ පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය සමග

 දේශපාලනයට ආවට පසු යුගයෙයි. මේ කාලය 

ඇතුලත 2000 මුල් කාලය දක්වා අපි දේශපාලනිකව 

කුමන පක්ෂයකට ඡන්දය දුන්නත් ලංකාවේ හෘද 

සාක්ෂිය නියෝජනය කරන පක්ෂයක් ලෙස ජවිපෙ 

පෙනී සිටි බව අපිට අවම එකගතාවයකට එන්න 

 පුළුවන් කියලා හිතනවා. මේ කාලය ඇතුලට ගත්ත 

තීරණ සම්බන්ධයෙන් අපිට විවේචන තියෙන බව ඉන් 

නොසගවන්නේ නැහැ. 


පිවිසුම
 
http://vameavanhala.blogspot.com/