Saturday, August 2, 2014
සංවාදශීලී ශාස්ත්‍රීය බ්ලොග් පිටුවක් " අසම්මතයා "
දිනක් නිවාඩුවක් ගත කිරීමට සංචාරයක් සඳහා පැමිණි ව්‍යාපාරිකයෙකු කුඩා බ්රිසිලියානු ගමක මුහුදු වෙරළක් අසල හිඳගෙන සිටින අතරතුර කුඩා බෝට්ටුවක තරමක් විශාල මාලු රැලක් අල්ලාගෙන වෙරළ කරා ළඟා වෙන ධීවරයෙක් ඔහුගේ ඇස ගැටුනි.
Friday, August 1, 2014
තවත් විවිධාංග හා සාහිත්‍යමය බ්ලොග් එකක් " සිරාගෙ කාමරේ "
මං නුඹෙ දෝණී
මවුබිමෙන් බැහැරව රැකියාව කරන අසංක ශ්‍රී ලාල් සහෘදයා කලක පටන්ම සිරාගේ
කාමරයට යන එන හිතවතෙකි. මාසයේ අවසාන ලිපිය හෙවත් හත්වෙනි ලිපිය වෙනුවෙන්
මෙවර ඉඩ කඩ වෙන්වනුයේ ඔහු විසින් නිර්මාණය කර එවන ලද පද්‍ය නිර්මාණ එකතුවක්
වෙතටයි. මෙයට පෙර සිරාගෙ කාමරය තුල කාව්‍ය නිර්මාණ පලවී නැති හෙයින්ම මෙය
නැවුම් වෙනසක් වනු ඇත.
මෙහි සටහන් වන අවසාන මාතෘකාව අරභයා ඔබේ අදහස් මුසු කර අසංක නැවතූ තැන සිට
ඉදිරියට පද ගොතන මෙන් ඔහු මේ සටහන කියවන ඔබෙන් ඉල්ලා සිටියි. ඔබේ වටිනා
කාලයෙන් මදක් වැය කර ඒ කාරිය කරන්නට හැකි නම් ඔහුගේ උත්සාහය තව තවත් අලංකාර
වනු ඇතැයි මට සිතෙයි.
අහෝ
නියං සායට හසුව වියැකුණ
අරලියා මල් සුවද කෝ අද
ලොවේ නන් දෙස බැලූ බැලූ අත
රජ කරයි හිනැහීහී මල් වද
නොනිමි සුව දී දසත පැතිරුණ
කොහේ සැගවුනි සුමුදු මද නල
දනන් ගත සිත භියෙන් තෙත් කර
හමා යයි රුදු චණ්ඩ සුළි පෙළ
අමා සරයෙන් සවන් මත් කල
කොහේ පාවුනි විහග බිගු නද
වපුරමින් කිළි පවිටු බස් නෙක
ලොවේ රැව් දේ කපුටු ගොර නද
පිවිසුම
Thursday, July 31, 2014
සාහිත්‍යමය විවිධාංග බ්ලොග් පිටුවක් " කුරුටු ගෑ ගී පවුර "
අසංක ඔබට අපේ සුභපැතුම්...............
අලුත් ඉරකින් නැගෙන පැතුමෙන් සතුටු වී ඔබ සිනා වෙන්න
අලුත් නැකතට දකුණු පයගෙන සිනා මුහුණින් ඇතුළු වන්න
අලුත් ගෙදරට අලුත් මුහුණින් අලුත් පැතුමන් එකතු වෙන්න
අලුත් නුවරින් ආපු දිරිඇති පුතෙකු ලෙස ගෙයි සැරිසරන්න.............
පිවිසුම
අලුත් නැකතට දකුණු පයගෙන සිනා මුහුණින් ඇතුළු වන්න
අලුත් ගෙදරට අලුත් මුහුණින් අලුත් පැතුමන් එකතු වෙන්න
අලුත් නුවරින් ආපු දිරිඇති පුතෙකු ලෙස ගෙයි සැරිසරන්න.............
Subscribe to:
Posts (Atom)


