Wednesday, April 30, 2014
අපගේ බ්ලොග් දර්ශකය මෙතෙක් පැමිණි ගමන් මග
සුමාන තුනකටත් අඩු ඉතා කෙටි කාළයක් තුල අපගේ බ්ලොග් දර්ශකය බෙහෙවින් සාර්ථක ලෙස ඉදිරියට පැමිණ ඇත. අනෙකුත් මුද්රිත මාධ්ය ඇතුලු පරධාන පෙලේ සෙසු ජන මාධ්ය වල නැති පුළුල් පරාසයක අදහස් ප්රකාෂ කිරීමේ නිදහසක් හා විචාරාත්මක බවක් අන්තර්ජාලය තුල තිබේ. ඒ බව මීට ටික කළකට පෙර හැඟී ගිය අපට ශ්රි ලාංකික, විශේෂයෙන් සිංහල බ්ලොග්කරුවන්ගේත් අන්තර්ජාල බ්ලොග් පාඨකයාගේත් පහසුව තකා මෙම බ්ලොග් දර්ශකය සකස් කර ප්රචාරය කිරීමට හැකි විය. මේ වනවිට එයට මෙරට බ්ලොග්කරුවන් හා පාඨකයන් විශාල පිරිසක් සම්බන්ධ වෙමින් සිටිති. ඉදිරියේදී තවත් පිරිස් අප සමග සම්බන්ධ වනු ඇත. අප සමග මෙතෙක් සම්බන්ධ වූ බ්ලොග්කරුවන් වන අපගේ මිතුරු මිතුරියන්ට අපගේ ගෞරවපූර්වක ස්තූතිය පිරිනැමෙන අතර අන්තර්ජාලය තුලින් අපට ලැබෙන සන්නිවේදන තාක්ෂණයේ පහසුකම් උපයෝගී කරගනිමින් වඩා යහපත් විචාරශීලීත්වයක් ගොඩනැගීමට එක්වන ලෙස අප සමග මෙතෙක් සම්බන්ධ නොවූ සියලු දෙනාටද ඇරයුම් කර සිටිමු.
"ඇවිද්ද පය"
ATM කාඩ්පත මිතුරන්ට දී මුදල් ගෙන්වා ගන්නා අයටයි. Those who send others to ATM
අද උදේ ලාස්ට් රෝ එකේ සටහනක් කියවත්දී තමයි මේ සටහන තබන්න අදහස ආවේ. ඒක ටිකක් හාස්යය පදනම් වෙච්ච කතාවක්. මීට කලින් දේශ් සටහනක් තියලා තිබුනා කාඩ්පත හොරකම් කරපු සිද්ධියක් ගැන. "යාලුවෙකුට දීලා සල්ලි ටිකක් ගෙන්න ගත්තම මොකද වෙන්නේ ? යාලුවා මට විශ්වාස නම්" ඔබට එහෙම හිතෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ලංකාවේ බොහෝ දෙනෙක් මේ වැරදි වැඩේ කරනවා. වැරදි වැඩේ නෙවේ නීති විරෝධී ක්රියාවක්. බොහෝ බැංකු වලින් නිකුත් කරන කාඩ් වල පිටුපස ඒ බව සඳහන් කරලා තියෙනවා. ඒත් සමහර බැංකු ඒ බව කෙළින්ම සඳහන් නොකර "කාඩ්පත සමග නිකුත් කල නීති-රීති වලට එකඟව මෙය භාවිතා කල යුතුය" වැනි අදහසක් මුද්රණය කර තිබෙනවා. මම සේවය කරන මහජන බැංකුව නිකුත් කරපු කාඩ්පතේ පිටුපස ඡායාරුපයක් පහතින් බලන්න
කියවන්න
http://awidda-paya.blogspot.com/2014/04/atm-those-who-send-others-to-atm.html
බ්ලොග් අඩවියට පිවිසුම
http://awidda-paya.blogspot.com/
Sunday, April 27, 2014
"ප්රියාගේ සිතුවිලි"
වර්ශ දෙකදහස් විස්සක් වූ අප්රේල් මස විශි අත් වන ඉරිදා දින සවස……………
"තාම මැච් එකද බලන්නෙ? දාන්න දාන්න නිවුස්."
"අනේ තාත්ති හොදම හරිය… තව ඕවර් දෙකයි…"
"ඕවර දෙක බලලා කණට දෙකක් කන්න ඕනද? යන්න පාඩම් කරන්න"
"ආ ආ බලාගන්න…"
………………………………………
මෙන්න දවසේ පුවත……
ඊයේ දවල් සිදුවූ අංගොඩ බැංකු මංකොල්ලයේ CCTV වීඩියො පට මාධ්යට නිකුත් කෙරේ… යතුරුපැදි දෙකකින් කොල්ල කල්ලිය පැමිණ ඇත්තෙ සාමාන්ය ආකාරයෙ හෙල්මට් දමා යතුරුපැදි ධාවකයින් දූවිල්ලෙන් බේරීමට ගැටගසන ආකාරයට ලේන්සුවකින් මුහුණ ආවරණය කර ගැනීමෙන් බවට එම දර්ශණ වල සටහන්ව තිබේ… පසුගිය තෙමස තුල මෙසේ හෙල්මට් සහ ලේන්සු දමාගෙන් සිදු කල හැත්ත හත් වන මංකොල්ලය මෙය වන අතර මීට වසර හයකට පෙර ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට මුල් වූවේද මෙවන් හේතුවකි.
කියවන්න
http://rscpriyashad.blogspot.com/2014/04/blog-post_27.html
බ්ලොග් පිටුවට මෙතැනින්
http://rscpriyashad.blogspot.com/
Subscribe to:
Posts (Atom)
