What is robotics
ඔන්න යාළුවනේ මම දෙවෙනි ලිපියෙන් රොබොටික්ස් කියන්නේ මොකක්ද කියලා කථා කරන්නයි යන්නෙ. මම දන්නවා මේ විෂයට ආසාව තියෙන ගොඩක් දෙනෙක් මේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්නෙ කියලා.
හොදයි වැඩි කතා ඕනේ නෑ, දැන් අපි බලමු මොකක්ද මේ රොබොටික්ස් කියන්නේ
කියලා. ගොඩක් දෙනෙක්ට රොබෝලා කිවුවාම මතක් වෙන්නෙ ජපානේ හදන මානව රූපී රොබෝලා, ඇත්තටම මේකද රොබොටික්ස් කියන්නෙ, ඔව් මේකට රොබොටික්ස් කියනවා, ඒත් මේ රොබොටික්ස් වල තියෙන සංකීර්ණ අවස්ථාවක්.
ඇත්තටම සරලවම රොබොටික්ස් කියන්නේ
අපි මොකක් හරි මෙවලමක් හදනවා ඒකෙන් විශේෂ වැඩක් ගන්න ඒකට කලින් දීල තියෙන දත්ත වලට අනුව
අපි මුලින්ම උදාහරණයක් ගමු,
ඔයාල දැකල තියෙනව නේද ඉබේ ඇරෙන දොරවල් (Auto Door),
දොර ලගට යද්දි ඒ දොර ඉබේම ඇරෙනවා. ඔයාල හිතුවද කවදහරි මේක වැඩ කරන්නෙ කොහොමද කියලා, ගොඩක් අය කියයි ඔව් කියලා, මොකද මේ විෂයට උණ තියෙන ගොඩක් අය මේ දේවල් ගැන හිතනවා.
රොබොටික්ස් කියන්නෙ මේ වගේ සරල දෙවල් වල ඉඳලා NASA
වලින්
අඟහරු
වලට
යවන
රොබෝල
වගේම
විවිධ
සියුම්
ක්රියාකාරකම් කරන ඉතාමත් සන්කීර්ණ තත්වයන් දක්වා විහිදුනු පුළුල් විෂයක්.
මේ විෂය හැදැරීමට මුලින්ම මේ හා සම්බන්ධ වන උපාංග පිලිබඳ අවබොධයක් ලබා ගන්න ඕනේ
මම ඊලඟ ලිපියෙන් මේ උපාංග ගැන වගේම ඒවා කොහොමද අපිට ඕනෙ වෙන්නෙ කියල විස්තර කියන්න බලපොරොත්තු වෙනවා.
........................
පිවිසුම
http://slrobozz.blogspot.com/
No comments:
Post a Comment