“අරංගුව” ගැන අහලා තියනවද ?
ඇසළ පෙරහර දිනවල ඉදිවන සාම්ප්‍රදායික තොරණ 1
උග්ගල්
අලුත්නුවර ඇසළ පෙරහර සමයේ ඉදි කෙරෙන තොරණ ට රාජකාරි ඇත්තන් (ගමේ
පැරැන්නන්) ව්‍යවහාර කරන්නේ “අරංගුව” කියන නම. මේ වචනයේ තේරුම සුමංගල
ශබ්දකෝෂයේ බැලුව. එහෙත් එවැනි වදනක් සොයන්නට නැහැ. සුමංගල ශබ්ද කෝෂයේ සෙවූ
විට හමුවන අරඟු යන වචනය(දඹදෙනි සමය) කාලයක් යද්දී අරංගුව ලෙස ව්‍යහාරයට
ආවා වියහැකියි. අරඟු යන වදනින් පැහැදිලි කරන්නේ සැරසිලි විශේෂයක් බව
ශබ්දකෝෂයේ සටහන් වෙනවා. ඒ අනුව එයට තොරණ යන වදන භාවිත කිරීම ද වැරදිම
නෑ.
දේවාලයේ හඳගල
මැදිවන අන්දමින් ඉදි වන මේ අරංගුව එක්පැත්තක කොටු තුනක් බැගින් දෙපසින්
කොටු හයක් බැඳේ. එ් මුදුනේ කොටු හයක පේලියක් රඳවා එ් මත තවත් කොටු
තුනක්ද ඊට ඉහළින් කොටු දෙකක් ද ඒ කොටු දෙක විසින් දරා සිටින ත්‍රිකෝණාකාර
ඇටවුමක්ද සිටින ලෙස නිර්මාණය කිරීම පුරාණයේ සිටම අනුගමනය කළ සිරිත්
සම්ප්‍රදායයක් බව පෙනී යනවා. ඒ සමගම අරංගු කණු මුදුනේ කොඩි සවි වන බැවින්
ඒවා කොඩි කණු බවටද පත්ව ඇති බව පෙනී යනවා. මේ සැලැස්ම පුරාණයේ සිටම සම්මතව
ඇති බව පැරැන්නන් කරන විස්තර අනුව සිතිය හැකියි. පුරාණයේ අරංගව හැදීමට
භාවිත වූයේ කැන්ද ලී වුවත් වර්තමානයේ ඒවා සෙවීම අපහසු නිසා දෝ පුවක් කණු
භාවිත කරන බව පෙනී යනවා. අම්මඩුව දේවාල පෙරහර නැරඹීමට යන්නකුට දේවාල
පරිශ්‍රයට පිවිසෙන සෑම වාහල්කඩකම අරංගු ඉදි කෙරෙන බව දැකිය හැකියි.¹ උග්ගල්
අලුත්නුවර පැරැන්නන් පවසන්නේ ද පෙරහර අවදියේ දේවාල බිමට පිවිසෙන සෑම සෑම
වාහල් කඩකම අරංගුව බැඳීම වැදගත් බවත් පුරාණයේ එම සිරිත පැවති බවත්ය.
පිවිසුම
No comments:
Post a Comment