කොළඹ ගංවතුර - 2
කැලණි ගඟේ ගංවතුරට වගකිවයුත්තෙක් නිශ්චිතව සොයා ගැනීමට
නොමැත. එහෙත් රාජ්‍ය ආයතන කිහිපයක්ම විවිධ ආකාරයෙන් ඒ හා සම්බන්ධ වී සිටින අතර ඒවා
අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම ගැටලුවේම කොටසක් බවට පත්ව තිබේ.
ගඟේ ගංවතුරෙන් අවට ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම වාරිමාර්ග
දෙපාර්තමේන්තුවට පැවරී ඇති අතර පෙර ලිපියේ දැක්වුණු පරිදි ගංවතුර පාලන බැමි හා ගේට්ටු වල ක්‍රියාකාරීත්වය
හා නඩත්තු කිරීම ඔවුන් යටතේ පවතී. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ
සංස්ථාව, කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ඇළ මාර්ග භාරව සිටින බැවින් ඒ ආශ්‍රිතව ඇති වන
ගංවතුර පාලනය කිරීමද ඒ හා බැඳී පවතී. එහෙත් මේ "ආශ්‍රිත ප්‍රදේශ" මොනවාද යන්න පමණක් නොව නෛතිකව "ගංවතුර පාලනය" යන්න ඔවුන් වෙත පැවරී තිබේද යන්නත් අණ-පනත් විමසා දැනගත යුතු කාරණයකි.
එබැවින්ම කොළොන්නාව ගංවතුරෙන් යට වීමට වගකිව යුත්තේ කවුද යන්න තබා ඒ ගැන විමසිය
යුතු වන්නේ කාගෙන්ද යන්නත් නොවිසඳී ඉතිරි වී ඇති ප්‍රශ්නයකි.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය
සැලකීමේදී ගංවතුරට යට වූ ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය හදිසි ආපදා සේවාවන් සැපයීම
සම්බන්ධයෙන් ඔවුන්ගේ මූලික අවධානය යොමු වූ අතර නිසියාකාරව ගංවතුර කල්තියා
හඳුනාගැනීමේ ක්‍රමවේදයක අඩුව දක්නට ලැබුණි.
රාජ්‍ය
ආයතන අතර තොරතුරු හුවමාරු කරගැනීම හා මනා සම්බන්ධීකරණය මගින් ආපදා
කළමනාකාරණය, දියුණු රටවල රාජ්‍ය ව්‍යුහයේ අනිවාර්ය අංගයක් ලෙස ක්‍රියාත්මක
වේ. උදාහරණයක් ලෙස, අප කළ සංචාරයකදී දැනගත් පරිදි, දකුණු කොරියාව
තුළ WINS (Water Resources Management Information System) නමින් හඳුන්වන
ජලය හා සම්බන්ධ තොරතුරු පද්ධතියක් ඇති අතර මෙමගින් රාජ්‍ය ආයතන 10ක් අතර
ජලය හා සම්බන්ධ තොරතුරු හුවමාරුව සිදු වේ.
දකුණු
කොරියාවේ රාජ්‍ය ආයතන අතර ජලය සම්බන්ධ තොරතුරු හුවමාරුව දැක්වෙන
සාරාංශයක්... (ගත්තේ, සංචාරය ගැන මා විසින්ම සකස් කළ වාර්තාවකිනි)
..............................................................................................
පිවිසුම