ගණන් තැබීමේ සහ මැනීමේ වැදගත්කම.
මැනීම යනු යම් වස්තුවක, නියමිත ලක්ෂණයකට, ඉලක්කමකින්
අගයක් ලබාදීමයි.
පසුගිය අවුරුද්දේ, මම මිතුරෙකු විසින් ගොඩනංවන මෙගා වෝට් එකක ජලවිදුලි බලාගාරයක්
අධීක්ෂණය කිරීමට, ඔහුත් සමග ගියෙමි. එක් වරෙක, බෑවුමේ පහල තරමක යකඩ මඩුවක් සාදන්නට වුවමනා විය. මඩුවේ යකඩ බාල්ක, අත්තිවාරමේ ඇණ මත, වෙල්ඩින් කිරීමේ උපකරන එතනට
ගෙන යාම, සීඝ්‍ර බෑවුම නිසා ඉතාමත් දුෂ්කර විය. මේ නිසා, අත්තිවාරමේ සවිකර ඇති ඇණ වලට ගැලපෙන සේ,
බාල්කවල සිදුරු විද, ඒවා ලණු වලට ගැට ගසා,
පහත් කිරීමට මම යෝජනා කලෙමි. කාර්මිකයා මෙයට
කිසිසේත් කැමති වූයේ නැත. පසුව මෙය කරගෙන යද්දී, මට වැටහුනේ ඇණ අතර දුර, හරියටම මැනගෙන සිදුරු විදගැනීමේදී
වැරදිය හැකි යැයි, ඔහුට සැකයක් තිබූ නිසා, ඔහු මෙලෙස, පහසු ක්‍රමය යොදා ගැනීමට පැකුලුනු
බවය.
සාමාන්‍යයෙන් ලංකාවේ උතුරේ හැරුනු විට, පර්චස් 10/20 ට වැඩි ගෙවත්තක, අඩු තරමේ පොල් ගස් 5/6
ට වැඩි ගණනක් තිබීම, ග්‍රාමීය පරිසරයක නිසැකයකි.
එහෙත්, පොල් ගස් ගණන ඊට වඩා වැඩි වුන තැනක,
අයිතිකරු ගෙන් ඔහුගේ හෝ ඇයගේ ගෙවත්තේ පොල් ගස් කීයක් තිබෙන්නේ දැයි
ඇසුවොත්, හරි උත්තරයක් ලැබීම අවිනිශ්චිතය. එමෙන්ම, වඩා පලදරන ගස් වර්ග තෝරා ගෙන, පැල කිරීමක් අපට පුරුදු නැත. බොහෝ විට අප ගෙවතු
වල ඇත්තේ, ඉබේ පැලවුන ගස් වර්ගය.
එලෙසම අප රටේ සුළු හා මධ්‍යම ව්‍යාපාර, සිල්ලර කඩ,
බාබර් සාප්පු, ගැරේජ්, බියුටි
සැලෝන්, කම්හල් සහ හෝටල් කුමන ප්‍රමාණයක ගිණුම් මිණුම්
තබන්නේද? මම සිතන්නේ උත්තරය 5% කටත් වඩා අඩු බවය. තමන්ගේ ව්‍යාපාරය, පාඩුවට කරගෙන ගොස් ඇති බව දැන ගන්නේ, ව්‍යාපාරය
බංකලොත් වූ පසුවය.
...............................................
පිවිසුම