Wednesday, August 16, 2017

කුතුහලය පිරි හොල්මන් කතා රැගත් අපූරු බ්ලොග් එකක් " හොල්මන් කතා "

---ඕපනායක අයියා--- 


මේ අපේ ගම් පලාතේ දැනට අවුරුදු 3-4 කට කලින් වෙච්චි ඇත්ත කතාවක්. අපේ නැන්දාලාගේ ගෙදර එහා ගෙදර හිටියේ අයියා කෙනෙක් අයියා කිව්වට මාමා කෙනෙක් වගෙ. මිනිහා බැදලා නෑ. අපි කියන්නේ ඕපනායක අයියා කියලා... ඕපනායක කිව්වට ඕපපාතිකයෙක් වගේ. හැම මගුලටම බයයි. මිනිහා කලේ ගල් කපන් කෝස් එකක්. මැණික් ගල් එහෙම කපන් ඔපදමන තැනක. රෑට චූ කරන්න යන්නත් බයයි මිනිහා. ඇලේ නාන්න බයයි. පීනන්න බෑ.. අපේ ගමේ සෙට් එකත් එක්ක තමයි මිනිහා වැඩිපුරම ඉන්නේ... සෙට් එක කිව්වේ පොඩි උන් 4 යි තව ලොකු අයියලා 2නයි
දවසක් අපි සෙට් එක ගියා යාලුවෙක් ගෙදරකට රෑට කෑම කන්න එන්න කියලා.. බත් කාලා එහෙම කොල්ලො සෙට් එකේ 9 විතර හිටියා. අපි ගියා රෑ 9 ට විතර හොර වෑවර කඩන්න. සෙට් එකේ දෙන්නෙක්ට ගස් නගින්න පුලුවන්. අපි ගියෙ අඹේපුස්ස මාමලයි කුඹුරට හොර වෑවර කඩන්න ටෝච් නිමාගෙන සුපිරියටම හෙමින් හෙමින් හෙමින් ගියා නියරවල් උඩින් පහත් වෙලා. මොකද අඹේපුස්සට ටෝච් එලිය දැක්කෝත් ඉවරයි. අහු උනොත් මිනිහා කරන්නේ ගස් බැදලා දිමිගොටු දානව. ඉස්සර අපේ කොල්ලෝ දෙන්නෙකුත් අහුවෙලා පැලපොල් ගහක බැදලා දිමිගොට්ටක් දැම්මා.. ඒවා තමා උගේ දඩුවම්.....
ඔන්න ඉතින් හොරාට හොරාට ගිහිල්ලා අරුන් දෙන්නාගෙන් එකෙක් ගහකට නැග්ගුවා. අනිත් එකාට ගහට නගින්න බෑ කිව්වා ජොකා දාලා ආපු නැති නිසා.. හදත් පායලා තියන නිසා කලුවරක් තිබුනේ නෑ.. කොහොම හරි වෑවර ගෙඩි 10විතර කැඩුවා. එක ගෙඩියක් පොඩි ඇලට වැටුනා ඕය ගෙඩිය ගන්න අර ඕපනායක අයියා තමයි බැස්සේ. ඌ බෑ කියද්දිම අපි තල්ලු කරා ඇලට.. ගූ බයියි ගොං ලබ්බා..
හරි. වෑවර ගෙඩිය අහුලන් ඌ ගොඩට නගිනකොට කොන්ද පොඩ්ඩක් හිරුණා කිව්වා. අපි කිව්වා "අඩෝ නිදිකුම්බා කටු වලට වෙන්න ඇති. ඕකත් අරන් ඉක්මනට වරෙන් නැත්නන් අඹේපුස්සයා දිමිගොටු දායි කියලා"
....................................
පිවිසුම

 

3 comments:

  1. මේ සයිට් එකට ගියාම ඇඩ්ස් ගොඩක් වෙනම ලෝර්ඩ් වෙනවා. මොකක් නමුත් නොතේරෙන යමක් තිබේ මේ වෙබ් සයිට් එකේ.

    ReplyDelete
    Replies
    1. හොල්මන් ඒකයි සීන් එක

      Delete
  2. මමත් අර ඇඩ් වෛරස් එක නිසා බයවුන

    ReplyDelete