Tuesday, August 30, 2016

කාලීන සිදුවීම් තොරතුරු සමග තවත් විවිධාංග බ්ලොග් පිටුවක් " මකරාගේ බ්ලොග් සටහන් "

මගේ කැප් තොප්පිය “ලු”




මකරට මේ සීන් එක වෙන්නේ 2009 වසරේදිලු. මකරාට වයස අවුරුදු 6ක්ලු. හිටියේ 1 වසරෙලු. ඒ කාලේ මකරා හෙන ඇච්චාලු. 

අඩි දෙකක්වත් උස නැතිලු. 2009 මාර්තු  මාසෙත් ආවලු. ඔය කාලේ ඉතිම් අර සටනයි, මේ සටනයි ගාල්ලේ තිබුනලු.  

 ඒ කාලේ ගාල්ලේ සටන් දෙක තුනක්ම තිබුනලු. නමුත් අද වෙන කොට යහතින් තියෙන්නේ එක සටනක් ලු. ඒ සටන ගැන මකරා පස්සෙ කියනවලු.
 
ඉතිම් මකරා සටන, සටන යැයි කීවත් සමහරුන්ට නිච්චියක් නැති වෙන්නට පුලුවනිලු.  මකරා සටන සටන යැයි කියන්නේ ලොකු තරගවලටලු.  

ඒ කිව්වේ බිග් මැච් වලටලු. ගාල්ලේ දැන් ඉතිරිව ඇත්තේ එක සටනක් පමණයිලු.  ඉතිරි ඒවා අවසන් වූයේ ගහ මරා ගැනීමෙන් පසුවලු.


ඉතිම් ඔය සීසන් එකට ඉස්කෝලෙ නම දාලා කැප් තොප්පි, T ෂර්ට් එහෙම මහනවලු. ඉතිම් මකරාත් 1 වසරෙ ඇච්චාත් අම්මාට කියා තොප්පියක් ගත්තලු. 
.................................................

පිවිසුම
http://ranwanmakara.blogspot.com/

Monday, August 29, 2016

කාලීන සිදුවීම් තොරතුරු සමග විචාර රැගත් අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " Mama "

ක්‍රිකට් තව දුරටත් රට ජාතිය දේශප්‍රේමය නියෝජනය කරන ක්‍රීඩාවක් නොවේ. ක්‍රිකට් යනු සුදු ජාතිකයන් අව්වේ තැපීම සඳහා සාදාගත් ක්‍රීඩාවකි. පන්දු යවන්නාත්, පන්දුවට පහර දෙන්නාත් හැරුණු විට අනෙක් පිරිස පන්දුව පැමිණෙන තුරු කටවක්කර ගෙන ඔහේ බලා සිටිති. ක්‍රිකට් ක්‍රීඩාව අපට ආකර්ෂණීය වුවද, ක්‍රීඩාවක් ලෙස ඉතා සෙමින් සිදුවන කම්මැළි ක්‍රීඩාවකි. පන්දු ඕවර පණහක් උදේ සිට සවස් වන තුරු ක්‍රීඩා කරන අතර, ටෙස්ට් තරගයක් දින පහක් ක්‍රීඩා කරයි. දින පහක් ක්‍රීඩා කළද, බොහෝ තරග ජය පැරදුමකින් තොරව නිමවෙයි. දවස් පහක් සෙල්ලම් කළද, ජයග්‍රහණයක් ලැබිය නොහැකි තරගයක් වෙතොත් ඒ ක්‍රිකට්ය. සුද්දාට අප යටත්ව නොසිටියා නම් අපට ක්‍රිකට් නැත. සුද්දා ජීවත් වන සීතල රටවල අවුවේ තැපීමට හදාගත් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් හැඳින්විය හැක. අංශක අනූවට ඉරමුදුන් වන අපේ රටේද, කට්ට අව්වේ වේලෙමින් ක්‍රීඩා කිරීම අපට ඉමහත් ජොලියකි. එහි ඇති අවුලක් අපට නොපෙනෙයි.
ක්‍රිකට් තව දුරටත් රට ජාතිය දේශප්‍රේමය නියෝජනය කරන ක්‍රීඩාවක් නොවේ. අපේ කොල්ලෝ, අපේ අය සිංහ පැටව් යනු නරඹන්නන් චූන් වීම පිණිස හදාගත් සංකල්පය. ඔය කිසිම ක්‍රීඩකයෙකු රට වෙනුවෙන් සෙල්ලම් කරන්නේ නැත. ක්‍රිකට් දැන් දේශීයත්වයෙන් ගෝලීය තත්ත්වයට පැන ඇත. ක්‍රීඩකයෝ මුදලට වෙන්දේසි වෙති. විශ්‍රාම ගිය පසු වෙනත් රටවල පුහුණුකරුවන් වී, එම ක්‍රීඩකයන් තමන්ගේ රටට විරුද්ධව ජයග්‍රහණය කරා මෙහෙයවයි. මුදල් වෙනුවෙන් තම රටේ ක්‍රීඩකයන්ව පරාජය සඳහා මෙහෙයවන තැන රට වෙනුවෙන් ක්‍රීඩා කළා යැයි පැවසීම විහිළුවක් බවට පත්වෙයි. රට වෙනුවෙන් බයිලය දැන් නැවැත්විය යුතුය. රට වෙනුවෙන් සිංහ පැටව් වැනි බයිලා අවශ්‍ය වන්නේ ක්‍රීඩකයන්ට නොවේ. 

...............................................................

පිවිසුම
http://mamatharunaya.blogspot.com/ 

 

Friday, August 26, 2016

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනය සම්බන්ධ දැනුම ගෙනෙන අළුත් බ්ලොග් පිටුවක් " ගිනිදැල් "

තවත් ගින්දර වැඩක්....

අප බ්ලොග් තරගයක් අළුතින් පටන්ගත්තා. ඔබේ බ්ලොග් අඩවිය / වෙබ් අඩවිය මෙම තරගයට ඇතුළත් කර ඇත්ද? නැත්නම් දැන්ම ඇතුළත් කරන්න..

මේකෙන් දින්නොත් ඔයාට ඔයාගේ සයිට් එකට වැදගත් කෝඩ් ටිකක් හෝ SEO Tools දෙනවා.


කොහොමද ඇතුල් වෙන්නේ

ඇතුල් වෙන්නේ මේ සයිට් එකෙන් යන්න. ඒකේ තියනවා "Add Your Site" කියලා ෆෝම් එකක්. ඒක පුරවන්න. 
ඒක ‍මේ විදියට පුරවන්න.
Name                     (ඔබගේ නම)
Email                     (ස්ථාවර ඊ-ලිපිනය)
Website                  (තරගයට ඇතුළත් කරන අඩවියේ ලින්කුව)
Site Type                (එම අඩවිය අයත් වර්ගය)
 
............................................
 
පිවිසුම

Tuesday, August 23, 2016

කලා සාහිත්‍යමය රසවින්දනය වෙනුවෙන්ම ලියවෙන තවත් බ්ලොග් පිටුවක් " රෝස වලාකුළු "

-265- කර්ණගේ විලාපය

එදා මං ආවෙ ඔබ අත රැගෙන යන්ට නොව
මිතුරාගෙ උදව්වට පමණමයි..
ඒත් මාධව් දුන්නු ධර්ම අභියෝගයෙන්
යළිත් මා ආවේ මා පිණිසමයි..
නිල් අහස මහ පොළව යා කෙරූ මායාව 
එක ලෙසින් දුටුවෙ ඇස් හින්දමයි
කිසිවෙකුට තවදුරට ජයක් හිමි නොවන
ඒ තරඟයේ ජය තිබුණෙ මා ළඟයි..

.........................................
 
පිවිසුම

Monday, August 22, 2016

ජාත්‍යන්තර සිනමා විත්ති අප වෙත ගෙනෙන වෙබ් පිටුවක් " Zoom "

Batman Unlimited Animal Instincts (2015) සිංහල උපසිරැසි සමඟින්

කොහොමද යාළුවනේ මම අළුතෙන් තමයි Zoom.lk එකත් එක්ක එකතු වුණේ.ඒ වගේම මේක මගේ පළමු උපසිරසි ගැන්වීම.ඒ හින්දා ගොඩක් අඩුපාඩු ඇති. අඩුපාඩු පෙන්වලා දෙන්න කියලාත් මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.මේ චිත්‍රපටියට සබ් දෙන්න කියලා Zoom.lk එකෙන් ඉල්ලීමක් කරලා තිබුණ නිසා මමත් හිතුවා උපසිරසි නිර්මාණයක් කරන්න ඕන කියලා. ඉතින් මම තෝරගත්තේ 2015වේ නිකුත් වෙච්ච Batman Unlimited Animal Instincts කියන චිත්‍රපටියයි. එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් අවධානය යොමු කරමු.

ගෝතම් නගරයට ඉහළ අහසේ වසර 77 කට වරක් දිස්වන මයිඩස් හාර්ට් නම් ග්‍රාහකයක් ගමන් කිරීමට නියමිතව තිබෙනවා.ඒත් ඔස්වල්ඩ් කොබල්පොට් නොහොත් පෙන්ගුයින් සහ ඔහුගේ දුෂ්ට සගයන් වන සිල්වර්බැක්,චීටා,ක ිලර් ක්‍රොක් සහ මෑන්බැට් එකතු වී ගෝතම් නගරය විනාශ කර ග්‍රාහකයේ හරයේ ඇති රන් ලබා ගැනීමටයි. මේ දුෂ්ටයන් ගෙන් නගරය බේරා ගැනීමට ඉදිරිපත් වන වීරයන් තමයි බැට්මෑන්, ෆ්ලෑෂ්, ග්‍රීන් ඇරෝ, නයිට්වින්ග් සහ රෙඩ් රොබින්.

පෙන්ගුයින් සහ ඔහුගේ දුෂ්ට සගයන් ට ගෝතම් නගරය විනාශ කර රන් ලබා ගැනීමට හැකි වෙයිද? බැට්මෑන්ට පෙන්ගුයින්ගේ දුෂ්ට සැලසුම් දැනගන්න ලැබෙයිද? පෙන්ගුයින් ට උදවු කරන මෑන්-බැට්ගේ ඇත්ත ස්වරූපය මොකක්ද? බැට්මෑන් ට නගරයට ග්‍රාහකය කඩා වැටීමෙන් බේරා ගැනිමට හැකි වෙයිද? පෙන්ගුයින්ට අන්තීමේදි මොකද වෙන්නේ? මේවා ගැන දැන ගන්න නම් ඔයගොල්ලන්ට චිත්‍රපටය අරගෙන බලන්නම වෙනවා. 


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

............................................................
 
පිවිසුම

Saturday, August 20, 2016

සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ දැනුම සමගින් එන වැදගත් බ්ලොග් එකක් " ගිනිලිහිනියා "

[Google chrome crashing FIX] Google chrome crash වෙනවද ? 

කලකින් තමා post එකක් දන්නේ .  හැමදේම මේකේ  දාන්න  ඕන නැහැ මොකද අද කලේ හැමෝම දන්නවා Software  update   කරගන්න ඔය වගේ තියෙන පොඩි පොඩි  දේවල් දන්නා නිසා වැදගත් දේවල් තමා දන්නා හිතුවේ පොඩි පොඩි ඒවා දාන්නත් කම්මැලියි  :D  ...


හරි අද කියන්නේ යන්නේ ඕගොල්ලෝ හැමෝටම එන Problem  එකක් FIX කරන හැටි . ඕගොල්ලෝ Google chrome use  දන්නවා ඇති එකේ  සමහර වෙලාවට ICON  එක උඩ 3 Click  කලට open  වෙන්නේ නැතුව යනවා . සමහරවෙලාවට PC එක අයෙ  restart  කරනත් වෙනවා  කොචර වැදගත් වැඩක් කර කර හිටියත් . මේ අවුල FIX කරන්න මන් දල තියෙන steps  Follow  කරන්න  

....................................................

පිවිසුම
http://ginilihiniya.blogspot.com/ 




 

Thursday, August 18, 2016

වෘතීය භාෂා පරිවර්තකයන් විසින් කරන වැදගත් මෙන්ම වැඩදායක බ්ලොග් එකක් " Translators "

Who are translators


The history of  translators traces back to the begininig of human civilization. In old good days intelectuals in tribes try to communicate each orther with their general understanding others ,This caused mutual build ups and peace among tribes. Said scholars are treated as noble persons by tribesmen and their service had been very much required for the community.
Later humans were settled on aggriculturel basis. Then advanced human civilizations were flourished .It resulted in the golden age of linguistic field .People who knows more than one language was considered scholars and put on zenith of respect by the society. They are none other than translators .They played key role in monarchies, relegious shrines and acadamic institites. To the extent that they  are functioning  in their community  those  communities   were destinied to play much role in the history. They are forefathers of literature, technology ,arts and sciences in earaly societies. Likewise they  were intermediaries of their societies  and it is not an exeggeration  that  their access to knoledge  and their scope of functionong paid much contribution in early and medieval era. They  were considered as aristrocats in all over the world.

This blog has been created for propagating proper translation services and emphasis of importance of translators .Our ultimale aim is to enhance this art and put in its due place to which it is deserved to be.
thank you
...........................................
 
පිවිසුම

Friday, August 12, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමග අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " 18 සන්නිය "

ලංකාවේ ටෙලිනාට්ටි හිට් කිරීම ( 2 කොටස )


මෙහි පළමු කොටසේ ලින්කුව පහතින් දක්වා ඇත.....
පිට රටකින් ගෙන නාට්ටි හිට් කිරීම ගැන අපි පළමු කොටසින් සාකච්ඡා කළ බැවින් අද අප සාකච්ඡා කරන්නේ ලංකාවේ නිපදවා හිට් කිරීමයි...

1 . රජ කතා

මේ කතා සූර වීර බට්ටා., ලක්කම්මා, වංසෙ, හෝ අහවල් රජු හෝ අහවල් දේවී ලෙස නම් කළ හැක...

මේ සඳහා ඔබට මහාවංසයක් අවස්‍ය වෙව්... දැන් ඔබ කල යුත්තේ දෑස් පියාගෙන පොත පෙරලන අතර ක්ෂණිකව අහඹු ලෙස පිටු අතර අත දැමීමයි.. දැන් ඔබේ අත ඇති පිටුවට ආසන්නයෙන් ඇති රජතුමාගේ නම බලන්න... ඔබේ නාට්‍යයේ නම එයයි... බල්ලාටනාග, දප්පුල, ගැමුණු, හෝ සිරියාවතී වන් රැජිනක් වුවත් අවුලක් නැත...
ඔබ කළ යුත්තේ කොහේ හෝ ලෑලි ගසා මාලිගා කෑල්ලක් අටවා රූපගත කිරීමයි... මෙයට ඒ කාලයේ භාවිත කළ ආකාරයෙන්ම ඇඳුම් අවස්‍ය නොවන අතර පමුණුවෙන් පාට පාට රෙදි කෑලි ගෙන මූට්ටු කර අඩු වියදමින් සාදාගත හැක්..
නාට්ටිය ජනප්‍රිය කිරීමට අවස්‍ය වන්නේ ගැඹුරු හඬකින් මේ අපේ ලංකා අම්මා යකෝ... පරයන්ව එලෝනවා යකෝව්... කෑලි කපනවා යකෝව් වැනි පපුවට ගසා කෑ ගසනා වදන් ය....
උඩ පැන කරනම් ගසා හයේ හතරේ කොල්ලන්ට අංගම්පොර නෙලන, අයිබ්‍රෝ සාදා කොන්ඩෙ ස්ට්‍රේට් කළ හුරුබුහුටි කෙල්ලක් සිටීයි නම් වඩාත් උචිතය..
දවුලක් තම්මැට්ටමක් ගසා ඕ ඕ ගසා ගැඹුරින් කියනා ගීයක් තිබීමෙන්ද රේටින්ස් වැඩිවේ...

2. හත්වලාමේ පවුල් කතා

මේ කතා පවුලේ අවුල, අල්ලපුගේ, දරුවෝ මරුවෝ, ලොකු ගේ ආදී ලෙස නම් කළ හැක...

මේ කතාවක් නිස්පාදනය කරන්නේනම් ඔබට වැඩි මුදලක් වැය නොවන අතර මෙගා කිරීමෙන් පට්ට ආදායමක් ලබා ගත හැක..
මෙහි පළමු වර්ගය පොස් පවුල් කතාය..

.........................................................


පිවිසුම
http://18sanniya.blogspot.com/

Thursday, August 11, 2016

තොරතුරු කාලීන සිදුවීම් විචාර සමගින් අළුත්ම ශාස්ත්‍රීය බ්ලොග් එකක් " නයනේ නිසා උපන් සිතුවිළි "

කර්මය


මේ කර්මය කියන කාරනය ගැන ලියනවානම් ටිකක් දිගට ලියන්න වෙනවා.
මේ වගේ මනෝ ව්‍යාධික තත්වයක් කෙනෙකුට හට ගැනීම කර්මය නිසාම සිදුවිය හැකියි. ඒ කොහොමද කියනවානම්,


ට්‍රන්සිල්වේනියාවෙහි

අස්වාභාවික චර්‍යාවන් සහ කර්මය හා ක්ලේෂ

යන ලිපිය ගැන මගේ අදහස් දැක්වීම මෙසේ ලියා තබමි.


මේ මිහි පිට ඇති සෑම සියළු දෙයක්ම අපිට භෞත රසායනික පද්ධති ලෙස හඳුන්වන්න පුළුවන්. නූතන විද්‍යාව උගත් අය මේකට එකඟ වේවි. එසේ හැඳින්විය නොහැක්කක් මේ විශ්වය තුල ඇත්නම් ඒ කුමක්දැයි යමෙකුට මා වෙත පේන්වා දිය හැකියි.
මේ භෞත රසායනික පද්ධති වලට නොයෙකුත් හේතූන් බලපෑමෙන් විවිධාකාර වූ වෙනස් වීම් වලට ඒවා ලක් වෙනවා.

අපි උදාහරනයක් ලෙස තණකොල බීජ දෙකක් ගනිමු.
එකක් තෙතමනය ඇති සාර පසක වැටෙනවා.
අනෙක මහ ආර මැද තාර වල ඇති පැල්මක් මත වැටෙනවා.

මේ දෙකම ස්වභාවිකව පැලවෙලා වැඩෙන්න ගියවිට පසේ වැටුනු පැලය ඉතා සරුවට වැඩෙන අතර තාර පාරේ වූ පැල්මේ වැටුනු පැලය එක් දල්ලක් ලියලන විට රථ රෝදයකට සිඳී යනවා. මෙය දිගින් දිගටම වූවත් මේ පැලය ඉතා අසීරුවෙන් දිවිය පවත්වා ගන්නවා.
දැන් මේ පැල දෙකින් එකකට කර්මය බල පෑවා යැයි අපට කිව හැකිද? නැහැ ඒ භාහිර හේතුන්ගේ බලපෑමක්.

තවත් උදාහරණයක් ගෙන බලමු.
යමෙක් යකඩ බටයක් කපා එහි කොටස් දෙකෙන් පුටු දෙකක් සාදනවා. මේ පුටු දෙකෙන් එකක් මුහුදුබඩ නිවසකටත්, අනෙක නාගරික දියුණු නිවසකටත් විකුනනවා. මාස කිහිපයක් ඇවෑමෙන් මුහුදු බඩ පවතින පුටුව මලකඩ අල්ලා පොතු ගැලවී විනාශ වීමට පටන් ගන්නවා. අනෙක් පුටුව නිරුපද්‍රිතව පවතිනවා.
දැන් මේ දෙකෙන් එක පුටුවකට කර්මය බලපෑවාද? නැත එය හෙතූන්ගේ බලපෑමෙන් සිදු වූ ක්‍රියාවක්.


එසේනම් කර්මය බලපාන්නේ කාටද, කුමකටද?

..........................................

 

පිවිසුම

http://nayanegesithuwili.blogspot.com/ 

Wednesday, August 10, 2016

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ දැනුම සමගින් එන බ්ලොග් එකක් " ටෙක්නික්ස් technicsz "

මොකක්ද මේ pokemon go කියන්නේ? (Download Link) 

 

Pokemon go මේක තමා මේ මේ දවස් වල ලෝකේ පුරාම සීග්‍රයෙන් ජනප්‍රිය වේගෙන යන Game එක. මේක මිට කලින් අපු නැති අලුත්ම විදිහේ game එකක්.
එක තැනක ඉදන් ගහන්න බෑ. ඇවිද ඇවිද තමා ගහන්න වෙන්නේ. මේක Android play store එකට වගේම Apple store එකෙනුත් download කරගන්න පුළුවන්.


එත් මේක තාම ලංකාවට support කරන්නනේ නෑ. ඒ නිසා ඔයාලා play store එකේ search කරට ලංකාවේ අපිට මේක පෙන්නන්නේ නෑ. හැබැයි දුක් වෙන්න දෙයක් නෑ. මෙන්න පල්ලෙහා දාලා තියනවා download link එක. එතනින් APK file එක බා ගන්න. කොහොම උනත් ලගදීම ලංකාවටත් support කරන්න හදනවා කියලා තමා කියන්නේ.

..........................................

 

පිවිසුම

http://technicsz.blogspot.com/ 

 

Tuesday, August 9, 2016

පරිඝනක මෘදුකාංග හා තොරතුරු තාක්ෂණ දැනුම රැගත් අළුත්ම බ්ලොග් එකක් " ජාවා ලෝකය "

Variables හා Data Types

 

අප මෙම පාඩමේදී බලමු ඕනෑම පරිගණක ක්‍රමලේඛන භාෂාවක ප්‍රධාන සංකල්පයක් වන විචල්‍යයන් හෙවත් Variable පිලිබදව.
අප මුලින්ම Variable එකක් කියන්නේ මොකක්ද කියලා සරලව අවබෝධ කරගමු. මතකද පාසලේදී මේ වගේ සමීකරණ විසදුවා.

Y = X + 5

මෙහිදී අපට X සදහා විවිධ අගයන් ආදේශ කිරීමෙන් Y සදහා අගයන් ලබාගන්න පුළුවන්. මෙන්න මේ වගේ.

X = 3 විට Y = 8 ,
X = 1.5 විට Y = 6.5 ,
X = -2.5 විට Y = 2.5 ,

මෙහිදී X අපි විචල්‍යයක් හෙවත් Variable එකක් ලෙස හදුන්වනු ලබනවා. පරිගණක වැඩසටහනක් ලිවීමේදී මේ ආකාරයේ Variables යොදාගනු ලබන්නේ එම වැඩසටහනක් ක්‍රියාත්මක වන විට පරිගනකයේ Ram මතකය එක තුල දත්ත ගබඩා කිරීම සදහා යම් ඉඩක් වෙන් කරගැනීමටය. මෙය අපි Data Store කිරීම ලෙස හදුන්වනු ලබනවා. දැන් අපි පොඩ්ඩක් බලමු පරිගණකය තුල Data Store කරගනු ලබන ආකාරය.

.................................................................

පිවිසුම
http://javalokaya.blogspot.com/ 

 

Monday, August 8, 2016

කාලීන සිදුවීම් තොරතුරු සමග කලා රසවින්දන රැගත් තවත් විවිධාංග බ්ලොග් එකක් " කියාගන්න බෑ "

තෙවසරක නිමාව .....

යොවුන් වසන්තේ සිහින අතරේ  
ඔහේ ගෙවුනත් ජීවිතේ   සුවඳ තවරා අගය දුන්නේ   රුහුණ කුස යට මේ බිමේ   තුන් වසරකට පෙරදී මාපිය හැරදමා මෙහි ආ දිනේ  ඊයේ වාගේ දැනුනමුත් මේ   ඉගිලගොස් කාලය ඉබේ   නැටුම් කෙළි ගී මැදදී කිසිදා   දැනුනේ නෑ සංකා සිතේ  සොඳුරු මිතු දම් රහස් පෙම් දම්  මැදදී ගෙවුනා ජීවිතේ   සතුට දුක ළඟ එකට සිටියා   කවුරුවත් නෑ තනි වුනේ   ජීවිතේ සුන්දරම කාලය   එයයි සැකයක් නෑ සිතේ

කියාස් උසස් අධ්‍යාපනේට ගිහිල්ලත් අවුරුදු තුනක් ගෙවිල ඉවරයි. ඉතින් පින්වත්නි කියාස්ගේ බැච් එක විසිරයාම නිමිති කොටගෙන උත්සවේ සංවිධානය කරන්න  කියාස් ඇතුළු පිරිසකට  භාර උනා ඉතින් ඔතනින් මහා ලොකු වැඩ කොටසක් තිබුනත් ඒ ඔක්කොම කරන්න හිටියේ 5 දෙනයි. ඒ අතරේ කථිකාචාර්ය වරුන්ට දෙන්න තෑගි, පොල්තෙල් පහන සැරසිලි, වේදිකා අලංකරණ, ආරාධනා පත්‍ර සකස්කිරීම්, සංග්‍රහ කටයුතු, අවසාන දින උත්සවයේ අංග ගැන හොයල බලන්න උනා. ඒ අස්සේ තව පිස්සු හැදෙන වැඩක් අපේ පීඨාධිපති මැඩම් ගේ ඔලුවට ඇවිත් තිබුනා. ඒ තමයි අපේ අන්තිම දවසට සින්දුවක් එක්ක විෂුවල් එකක් හදන්න කියන එක. ඇත්තටම කොලේජ් ඉන්න කාලෙනම් අපේ සෙට් එකට ඒ අදහස ඇවිත් තිබුනා. ඉතින් කට්ටිය වද කර කර හිටියේ කියාස්ට එකට ගැලපෙන සින්දුවක් ලියන්න කියල. ඉතින් ඒ දවස් වල ටිකක් ඇග බේරාගෙන හිටියට මේකටනම් බෙල්ල මුලින්ම අහු උනා. 
.......................................

පිවිසුම
http://kiyagannaba.blogspot.com/ 
 

Saturday, August 6, 2016

අළුත් දැනුම තාක්ෂණික තොරතුරු සමග විවිධාංග රැසක් අප වෙත ගෙනෙන වැදගත් බ්ලොග් අඩවියක් " Tecadawiya "

කවුද මේ අපි නොදන්න “ලැම්බට්” 

ලැම්බට් කියන නම අසූ පමණින්ම ප්‍රශ්නයක් මතුවෙනවා කවුද? මේ ලැම්බට් කියල. ලැම්බට් කියන්නේ නැගෙනහිර ඇන්ටාර්ටිකාවහි පැරඩයිස් බේ නම් ප්‍රදේශය  තුල පවතින ප්‍රධානම ග්ලසියරයක්. ඉතින් ඇන්ටාර්ටිකාව කිව්වම මතක් වෙන්නේ ග්ලැසියර නේ.. :) සුර්ය කිරණ පතිතවීම දුර්වල නිසා උපන් දා සිටම  අධික ශිත දේශගුණයක් මෙහි තිබෙනාබව කවුරුත් දන්නා කරුණකි.

ඉතින් ලැම්බට් කියන්නේ හුදු එක් ග්ලැසියරයක් ම නොවේ. මන්ද ලෝක ගිනස් පොතට පවා ඇතුළු වෙලා තිබෙන මෙහි පළල කිලෝමීටර් 100 ක් වන අතර එහි දිග කිලෝමීටර් 400 ක් පමණවන බව ගණන බලා ඇත. එසේම මෙය මීටර් 2500 කටත් වඩා ගැඹුරින් යුක්තවන බව දැනගන්නට ලැබිණි. මෙම ගණනය කිරීම්වලට අනුව මෙය ලෝකය තුල පවතින විශාලතම ග්ලැසියරය බවට පත්වී ඇත.

ලැම්බට් ග්ලැසියරය සොයාගෙන තිබෙන්නේ ඇමරිකානු භූ විද්‍යාඥයකු වන ජෝන් එච් රෝස්කෝ විසිනි. ඔහු මේ පිළිබඳව විස්තරාත්මක පරීක්ෂණයක් සිදු කල අතර එය සිදු කිරීමට USN නමැති යානාව සහය වී තිබේ. එසේම මෙම ග්ලැසියරය සඳහා නම ලැබී ඇත්තේ ජාතික සංවර්ධනය පිලිබන්ද වූ ඔස්ටේලියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බ්රූස් පි. ලැම්බට් ගේ නමේ කොටසකිනි.

මෙහි පවතින සුවිශේෂත්වය නම දේශගුණයේ වෙනස්වීම් පිළිබඳව දැනගැනීම සඳහා මෙම ග්ලැසියරය උපකාරී වීමයි. කෙසේද යත් දේශගුණයේ සුළු වෙනස් වීමකින් පවා ග්ලැසියරයේ අයිස් දියවීමට එය හේතුවක් වන නිසාය. මෙම ප්‍රදේශයට ළඟාවීමට හැකි වුවත් අධික සීතල නිසා  මෙහි පරීක්ෂණ කටයුතු කරගෙන යාමේ අපහසුතාවය හේතු කොටගෙන සියලුම අධ්‍යන කටයුතු සිදු කරන්නේ දුරස්ථ ජායාරූප යොදාගනිමිනි.
.........................................................
 
පිවිසුම

 

Thursday, August 4, 2016

ලොව වටා තොරතුරු සමග දැනුම හා විචාර රැගත් අළුත්ම බ්ලොග් පිටුවක් " සතර අත පැතිර ගිය දැනුම "

දෙවියන්ට ලං වෙන්න ගංජා ගහන රස්තා


  මේ කියන්න යන්නේ ගොඩක් අය අහලා තියෙන ආගමක් ගැන. අහලා තිබ්බට මේ ආගම් ගැන ගොඩක් දෙනෙක් හරිහැටි දන්නෙ නෑ. මේ කියන්න යන ආගම තමයි රස්තාෆාරියන් දහම. රස්තාෆාරියන් කියද්දි මුලින්ම මතකෙට එන කෙනෙක් තමයි බොබ් මාලේ කියන්නේ. මොකද එයත් රස්තාෆාරියන් දහම අදහපු කෙනෙක්.

Haile Selessie 


 රස්තාෆාරියන් කියන්නේ ආබ්‍රහම්ගෙන් පැවත එනවායි කියන විශ්වාසයන්ගෙන් යුත් ආගම් වලින් එකක්. ( යුදෙව් , ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන ආගම්ද ආබ්‍රහම්ගෙන් පැවත එන විශ්වාසයන්ගෙන් සැදුම් ලත් ආගම් ලෙස පිලිගැනේ. ) 1930 දී ඉතියෝපියාවේ පාලකයා වුන Haile Selassie මෙම දහම වැඩි දියුණු කලේය. මොහුව ජේසුස්වහන්සේගේ දෙවෙනි පැමිණීම ලෙසත් දෙවියන් ලෙසත් එම බැතිමතුන් විශ්වාස කරයි.

.........................................................

පිවිසුම
https://sathara-atha.blogspot.com/ 

Tuesday, August 2, 2016

තවත් අළුත් තොරතුරු විවිධාංග සමග විචාර ගෙනෙන ශාස්ත්‍රීය බ්ලොග් එකක් " පිසාචයා "

෴අහවල් ආගමට අහවල් විජ්ජාවේ මුක්කු අවශ්ය ද?෴



සමහරුන්ගේ 'අහවල්' ආගමට විජ්ජාවෙන් මුක්කු, කිහිලි කරු අවශ්යය.
නමුත් මගේ අහවල් ආගමට එසේ අවශ්ය නැත.
ඕක වර්තමාන අහවල් ආගමිකයන්ගේ පට්ට හීන මාන තත්වෙකි.
උන්ට ට්වයිලයිට් එකේ බෙලා අහවල් ආගමට හැරී ඇතයි පෝස්ට් එකක් දුටු විට චූන්ය. නැත්නම් අහවල් ආගමේ අහවල් එක තමන්ට නොතේරෙන විද්යාත්මක මෙව්වා එකකින් පහදන්නේයයි කී විට අම්බ චූන් ය.
අනිත් වෙලාවට 'සුද්දගෙ රෙද්දෙ බටහිර ඊනියා විද්යාව' එතකොට හොඳය.
අවුල තියෙන්නේ මුන් විජ්ජාව දන්නේ ද නැත.
අහවල් ආගම දන්නේ ද නැත.
දන්නා එකම දේ ණයට ගත් අදහසක් අල්ලා නැටීමය.

විජ්ජාවේ හා අහවල් ආගමේ සමපාත වීම් දෙකම කොයි මට්ටමෙන් හෝ හදාරන ඕනෑම අයෙක් නිරීක්ෂනය කරයි.
උදාහරණයක් වශයෙන් විවිධ මූල ද්‍රවය, සංයෝග වලින් බහුල 'ආදි සූපය' සහ අහවල් ආගමේ අග්ගඤ්ඤ සූත්‍රයේ 'රස පඨවි'  අතර සමාන කමක් කෙනෙක් නිරීක්ෂණය කළ හැක.
නැතිනම් පේලොයෝසොයික යුගයේ කාබෝනිෆෙරස් යුගයේ වෘකයන් තරම් ගෝනුස්සන් විසීම [ඔක්සිජන් බහුල වායුගෝලය නිසා] හා අහවල් ආගමේ චක්කවත්ති සීහනාද සූත්‍රය (මතක විදිහට) හි මිනිසුන් විශාල දේහ දරන යුග සමපාත වන්නාසේ පෙනීමට හැක.
නමුත් මේවා අහම්බයන් මිස එතනින් එහා වටිනාකම් ඇති දේවල් නොවේ.
අතිශයින්ම පුද්ගලාබද්ධ නිරීක්ෂණයන්.

ඔබ එළ හරක්කුත් ඇති කරන්න, මී හරක්කුත් ඇති කරන්න නමුත් දෙගොල්ලොන්ව එක නගුලේ නොබඳින්න.
එසේ කළොත් ඔබ සදා අනාථ වනු ඇත.

ඔබ සැමට ස්පැගති රාක්ෂ සරණයි.!


..............................
 
 පිවිසුම

Monday, August 1, 2016

කලා සාහිත්‍යමය රසවින්දන සමග තොරතුරු විවිධාංග බ්ලොග් එකක් " කඩදාසි කොලේ "

නූතන අශෝකමාලා


මගෙ කුඩා පැල්පත
නුඹ විසල් පතුලට
පෑගුන .....

එකම එක පුටුකබල
නුඹ සුවඳ
තැවරුණ...

සාලියත් නොවේ නුඹ
මා සොයා
පැමිණෙන...

..............................


පිවිසුම
https://kadadasikole.blogspot.com/