Wednesday, October 8, 2014

හඳුන්වාදෙන තොරතුරු තාක්ෂණ හා දැනුම බ්ලොග් එක "Thambaru's Blog "

සබැඳිව ජාලබෝංචි (Netbeans)වල පරිදිම කේත ලියන්න

 
ලැපෙන් කේත කාව්‍ය අනන්ත ලිව්වට, ආදරේ වැඩිකොමට මං වැඩිය ඕක දාගෙන ඉන්න ආසාවක් නෑ. ඒකටත් නිවාඩුවක් එපැයි. මට කවි නොලියත් බෑ, අළුත් දේවල් අත්හදා බලන්නත් ඕන. ඒත් ඉතින් ගෙදර සුපර් කම්පූටරේට ජාලබෝංචියි, ක්සෑම්ප්නුයි දාලා වඩාත් සුපර් වුණොත් මේ පෝස්ට් එකේ ඉතිරි ටික අපේ නංගිගෙන් තමයි ඔහෙලට අහගන්න වෙන්නෙ. :P ඒ හින්දා මට ඕනැ උනා Online Code ලියන්න, compile කරන් පුළුවන් ‘රැවුල සහ කැඳ’ ක්‍රමයක්.

මුලින් ම නෙට් ගියපු දවස්වල (හය වසරෙදි විතර) හෙන උනන්දුවක් තිබුණා කොහොමද මේ වෙබ් සයිට් වැඩ කරන්නෙ, මම කොහොමද එකක් හදන්නෙ කියලා. ඒ වෙනකොට Host කරන්නෙ කොහොමද, අඩුගාණෙ Domain කියන්නෙ මොකද්ද Host කියන්නෙ මොකද්ද, කියලාවත් තේරුමක් තිබුණෙ නෑ. ඇත්තට ම මම හිතං හිටියෙ මැසිමෙ තිබුණාම සේර ම හරිය කියලා :P ඒක Off කරාම කොහොමද අනිත් අයට පේන්නෙ කියලාවත් ඔන්න මොළේ කළඳක් තිබුණෙ නෑ අසරණ මං සූටිබබාට. හැබැයි FrontPage පාවිච්චි කරලා පට්ටම පට්ට, හරියට ම කිව්වොත් මෙලෝ රහක් නැති pages හැදුවා. Forms දානවා, textbox, submit button පුරවනවා, හැබැයි Data Handle කරන්නෙ කියලාවත් කිසිම අදහසක් තිබුණෙ නෑ. FrontPage වල තිබුණු ලොකුම මැජික් එක තමයි, මම ඒවා add/resize කරනකොට code එක ඉබේ ම ලියවෙන එක. :D ඊට පස්ස‍ෙ ටික ටික ඒ ආසාව නැතිවෙලා 8-9 පන්තිවලදි Visual Basic වලින් වැඩදාපු එක තමයි කරේ. .NET එහෙන් මෙහෙන් කළාට කොහොමහරි ඒකෙන් ලොකු දෙයක් කරගන්න බැරිවුණා, අනික O/Lවලට ඒක ඕන නෑ කියලා ගුරුතුමෙක් දාපු ෂේප්න්‍යායකට අහුවෙලා VB වලින් ගමන කෙළවර කළා.

පිවිසුම

No comments:

Post a Comment